Posts

Showing posts from April, 2016

gossiplankanews - මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ ඉලක්කය කරුණා අම්මාන්

Image
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයහා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයා ගැන මේ වනවිට පොලිසිය සිදු කර ඇති විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණයවී තිඛෙනවා. එඩ්වඩ් ජූලියට් නමැති පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයාගේ චාවාකච්ච්ෙරි මරවන්ලෝබු ප්‍රදේශයේ පිහිටි නිවසින් මෙම සැකකටයුතු දේවල් හමුවී තිබුණි.මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකු බවටද අනාවරණයවී තිබේ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 04 ක් මිලිමීටර් නවයේ වෙඩි උණ්ඩ 100 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී හමුවී තිබුණා. මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයන් මුදල් එවා ඇති බවද මොහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ කරන ලද විමර්ශනවලදී මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින කොටි සාමාජිකයන් හා සමීප සබඳතා පවත්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Image
සී.එස්.එන්. රූපවාහිනී නාළිකාවට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එහි ප්‍රධාන සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට අයත් රුපියල් මිලියන දහයකට වැඩි වටිනාකමකින් යුත් සිව්මහල් සහ දෙමහල් සුපිරි නිවාස දෙකක් දෙහිවල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. දෙහිවල මිහිඳු මාවතේ පිහිටි සිවු මහල්සහ දෙමහල් අති සුඛෝපභෝගී එම නිවාස දෙක සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකි වූයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් සෙවීම සම්බන්ධ මෙතෙක් සිදුවෙමින් පවතින පරීක්ෂණවලදීය. කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ‍මේ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මේ සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අද හෙටම ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත. මෙම නිවාස දෙකෙන් එකක් ගොඩනගා ඇත්තේ පර්චස් 65ක ඉඩමක බව කියයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 490ක් ගෙවා තිබේ. ඒ අතර දෙහිවල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක්ද එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වූ රුපියල් ලක්ෂ 45කට අරගෙන තිබේ.

gossiplankanews - ඇමති ගෝලයෙක් දිවයින මාධ්‍යවේදියාට ගුටි අනී මෙන්න පින්තූර

Image
“අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු ඊයේ (5 වැනිදා) දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය. ඒ කුරුඳුවත්ත පොලිසියේ පොලිස්‌ නිලධාරියකුගේ අවවාදද තුට්‌ටුවකට මායිම් නොකරමිනි. සිද්ධිය වන අවස්‌ථාවේ “දිවයින” මාධ්‍යවේදියා සිටියේ කිරුළපන පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ ආවරණයට කාර්යාලීය රථයකින් ගමන් කරමිනි. “දිවයින” රථය බොරැල්ල කනත්ත හන්දියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේ ටොරින්ටන් දෙසට යැම සඳහා ගමන් කරමින් තිබිණ. මේ අතරේ ඉදිරියෙන් පැමීණි සුඛෝපභෝගී ජීප් රථයක්‌ මාධ්‍යවේදියා ගමන් කළ රථය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකර එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් විය. නමුත් ඒ මොහොතේ “දිවයින” රියෑදුරුට ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් හේ රථය ඉදිරියට ධාවනය කළේය. ඒ සමගම ඉන් ප්‍රකෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ඉහත සඳහන් පදිරි පාදඩයකු සේ දිවයින රියෑදුරුට සහ මාධ්‍යවේදියාට බැණ වදිමින් සිය ජීප් රථයද පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දී