ආගම අදහන්න නොදෙන, හමුදා ප්‍රධානියෙකු ගැන අස්ගිරි මහනාහිමියන් හෙළි කරයි
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඔහු අස්ගිරි - මල්වතු නාහිමිවරුන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් යුද හමුදාවේ පිරිසකට ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාවක් ලබානොදීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු හෙළි කළා. උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට ඒ පිළිබදව කරුණු සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බවයි. ප්‍රධාන හමුදා නිලධාරියෙකු ඇතැම් අවස්ථාවන්හිදී දෙමව්පියන්ගේ, දරුවන්ගේ අසනීපයකට හෝ තමා යටතේ රාජකාරී කරන හමුදා සාමාජිකයන්ට නිවාඩු ලබානොදෙන බව එහි සදහන් වී ඇතැයි මහනාහිමියන් ප්‍රකාශ කළා. මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවයි අස්ගිරි මහනාහිමියන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. තමන් ද ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවදානය එම සිද්ධිය සම්බන්ධයෙන් යොමු කරන බවට අමාත්‍ය මහින්ද සමරසිංහ, මහනාහිමියන්ට ප්‍රකාශ කළා.