gossiplankanews.com- සිසුන්ට මත්ද්‍රවය මිශ්‍ර බාබුල් විකුණු අය මාට්ටු
මාතලේ නගරයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය මිශ‍්‍ර බාබුල් සහ මාවා අලෙවි කළ ස්ථාන කිහිපයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා. එම අධිකාරියේ මාතලේ කාර්යාලයේ ප‍්‍රධානී එම්.ජේ. සමන්ත මහතා පැවසුවේ තම කාර්යාලයට ලැබුණු පැමිණිලි මත අදාළ වැටලීම සිදුකළ බවයි. විවිධ රසකාරක යොදාගනිමින් මෙම මත්කාරක පුවක් විවිධ මිල ගණන් යටතේ අලෙවි කර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.