Posts

Showing posts with the label gossipcnews

gossiplankanews.com- අමාත්‍යංශයට ඇතුල් වුනේ බොදු බල සේනා කියා හඳුනා ගන්න බෑ'

Image
අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේ කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි.

gossiplankanews.com- ලෝක ක්‍රිකට් සංචාර සැලසුමෙහි ශ්‍රී ලංකාවට තැනක්

Image
මෙල්බර්න් නුවර පැවැත්වුණු ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ(ICC) ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඉදිරි වසර දහය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර කාලසටහනට අනුමැතිය පළ වුණි. ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව විසින් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ බලතල පවරා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු දිළිඳු රටවලට ඒ රටවලින් සංචාර නො ලැබෙනු ඇතැයි අදහස් පළ වෙමිනුයි තිබුණේ. “ඉදිරි වසර දහය ඇතුළත ශ්‍රී ලංකාවට තරඟ නොලැබීමේ අවදානමක් තිබුනා. නමුත් එවැනි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවක් පෙනෙන්න නැහැ. ශ්‍රී ලංකාවට සෑහෙන තරම් තරඟ ලබා දී ඇති බවකුයි පෙනෙන්නේ” චන්නක ද සිල්වා පවසයි.එහෙත් ඇතැම් විචාරකයන් බලාපොරොත්තු වුවාටත් වඩා ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා සංචාර ලැබී තිබෙන බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

gossiplankanews.com- නුවරඑළිය ගැහැණු 26% පදමට මත්පැන් බොනවා

Image
හැටන්-දික්ඔය නගරාධිපති අලගමුත්තු නන්ද කුමාර මහතා පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගෙන් 26% දෙනෙකු මත්පැන් පානයට යොමුවී ඇති බවයි. අද වනවිට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දරුවන්ගෙන් මන්දපෝෂණය 40% දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ 7% කට පමණක් බවත් ඒ මහතා පැවසුවේ ළමා පෝෂණය පිළිබද දෙමාපියන්  දැනුවත් කිරීමට හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති වැඩමුළුවකදීය. ‘දිස්ත‍්‍රික්කයේ මන්දපෝෂණය පහත දැමීමට අපි කටයුතු කළ යුතුයි. මෙම මන්දපෝෂණය හේතුවෙන් මෙම දිස්ත‍්‍රික්කයේ දරුවන් විවිධ ආබාධවලට ලක් වීමට ඉඩ තියෙනවා. මේ පිළිබද මෙම දෙමාපියන් සිතා බැලිය යුතුයි.

gossiplankanews.com- උතුරේ මැතිවරු ගිනි අවි සහ වෙඩි තියන්න අවසර ඉල්ලයි

Image
මහජන නියෝජිතයන් ලෙස තමන්ට රජයෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි නම් තමනට ආරක්ෂාව සදහා අවිආයුධ ලබාදෙන ලෙස උතුර පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිදරන් ඉල්ලා සිටී. තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 38 දෙනෙකුට සපයා තිබූ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත්කර ඇති බව ඇය සදහන් කරයි. තමන්ට පොලිස් ආරක්ෂාව තවදුරටත් ලබාදිය නොහැකි නම් ආයුධවලට අමතරව හදිසි අවස්ථාවක ආයුධ භාවිත කිරීම සදහා අනුමැතියද අවශ්‍ය බව ඇය පොලීසිටෙන් ඉල්ලීමක් කර තිබේ.

gossiplankanews.com- බීබීසී සුද්දාටත් ඉංග්‍රීසි වරදී… (PREPARE FOR RAPE)

Image
මාධ්‍ය කලාවේ ඔස්‌තාර්ලා වන බීබීසී එකටත් පසුගියදා ලොකු වැරැදීමක්‌ සිදු විය. බීබීසී-1 නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති අවසානයේ කාලගුණය ගැන වාර්තා කරද්දී තිරයේ අකුරු වැටුණේ ,”PREPARE FOR RAPE” (ප්‍රිපෙයාර් FOR රේප්) යනුවෙනි. එහි තේරුම “ලිංගික අතවරයකට සූදානම් වෙන්න” කියාය. නමුත් බීබීසී එකට කිව යුතුව තිබී ඇත්තේ “PREPARE FOR RAIN”, කියාය. එනම් “වැස්‌සට සූදානමින් සිටින්න” යනුවෙනි.

gossiplankanews.com- මළ සිරුරකින් දස ලක්ෂයක් සොයාගත් විජේකාන්ති

Image
සමාජ සංවර්ධනය සහ පෝෂණයට ගුණධර්ම නැමැති සාධකය ඉහළ අගයක් ගනු ලැබේ (විජේකාන්ති). ජන සමාජයේ පැවැත්ම සදාචාර හා යහපත් ගති ලක්ෂණයන්ගෙන් වර්ධනය වූයේ ගුණ ධර්ම ගරු කළ පිරිසක් ඈත අතීතයේ සිටම අපේ ඉතිහාසය වර්ණවත් කළ බැවිනි. ගරා වැටෙන – දිරාපත් වන මනුස්සකම හමුවේ ඉතා අගය කළ යුතු මෙහෙවරක් කළ රජයේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පිරිසක් හමුවීමේ දුර්ලභ අවස්ථාවකට අපි මුහුණ දුනිමු. පසුගිය 22 දින අලුයම බළංගොඩ ගොරකහමඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වු මුස්තාපා හමීෂා (49) මහතාත්, ඔහුගේ බිරිද සිද්ධිනා ෆරීනා (48) මහත්මියත් ව්‍යාපාරික කටයුත්තකට දෙනියාය බලා ගමන් අරඹන ලදී.

gossiplankanews.com- ලාංකික ? ද්‍රවිඩ ජාතිකයන් 153 දෙනෙක් සමග බෝට්ටුවක් ක්‍රිස්මස් දුපත ළඟ ගිලෙමින් පවතී

Image
සරණාගතයන් ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යාත්‍රා කළ ද්‍රවිඩ ජාතිකයන් 153 දෙනකු රැගත් බෝට්‌ටුවක්‌ ජල කාන්දුවක්‌ නිසා ක්‍රිස්‌මස්‌ දූපත ආසන්නයේ මුහුදේ ගිලෙමින් පවතින බව විදෙස්‌ මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි මෙම බෝට්‌ටුවේ කාන්තාවන් 32 දෙනකු ද දරුවන් 37 දෙනකු ද සිටින බව එම බෝට්‌ටුවේ සිට ගොඩබිමට පැමිණි දෙදෙනකු විදෙස්‌ මාධ්‍ය වෙත හෙළිකර තිබේ. ඔස්‌ටේ්‍රලියාව බලා පැමිණි මෙම සරණාගතයන් එරට ආණ්‌ඩුව විසින් ක්‍රිස්‌මස්‌ දූපත බලා පිටත්කර යෑවීමේදී මෙලෙස අනතුරට ලක්‌ව ඇත.

gossiplankanews.com- ඤාණසාර හිමි රහස් පොලිසියේ

Image
අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් අලූත්ගමදී කල ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි. අලූත්ගම පැවති සමුළුවේදී එහිමියන් විසින් කරන ලද ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග කවරේ දැයි කල විමසීමකදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මේ බව පැවසී යයි සේනාරත්න මහතා කීය.

gossiplankanews.com- 26 වසරකට කලින් දුටු අවතාරය නැවත මුණ ගැහිලා

Image
ඒ එක් දහස් නවසිය අසූ අට වසරය (අවතාරය). තරුණ විය පසු කළ බොහොමයකට තවමත් හොඳින් මතක ඇති පරිදි එය අප රට තුළ භීෂණය රජවී තිබූ ‘නාඳුනන තුවක්කුකරුවා’ගේ යුගයේ ඇරඹුමය. නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පාහේ ගිලිහී තිබූ ඒ යුගයේ දිවා රාත්‍රී භේදයකින් තොරව එහා මෙහා හුවමාරු වෙමින් තිබූ නාඳුනන තුවක්කු කටවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ ජනතාවට සුලබ අත්දැකීම් විය. එමෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ හිංසකයන් සේම අහිංසකයෝ දස දහස් ගණනින් මරු වැළඳ ගත්හ. වෙඩි තබා මරා දැමූවන්ගේ සිරුරු මහපාරවල් අද්දර පිළිස්සෙමින් තිබූ අතර ඒවායින් නැගුණු දුගඳින් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරීයන්නට විය. එම බිහිසුණු කාලය වන විට මම තාරුණ්‍යයේ අවසන් භාගය පසුකරමින් සිටියෙමි. ඒ කාලයේ මගේ පූර්ණකාලීන වෘත්තීය පත්‍ර කලා දිවියට සය වසරක් සපිරී තිබිණ. ඒ වන විට විවාහ වී වසර දෙකක සිඟිත්තකුගේ පියකු වුවද එකල බොහෝ තරුණ පත්තරකාරයන් තුළ තිබූ හිතුවක්කාර දඩබ්බර ගතිය මා කෙරෙහි ද නොඅඩුවම පිහිටා තිබිණ. නුවර යාමට ගෙදරින් පිටවන මට අතරමගදී හමුවන මිතුරකු කුමක් හෝ හේතුවක් දක්වා මාතර යාමට කතා කළහොත් මගේ නුවර ගමන මාතරින් කෙළවර වීම දක්වාම ඒ හිතුවක්කාරකම බරපතළ විය. හොල...

gossiplankanews.com- මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න…

Image
අලුත්ගම හා බේරුවල සිදුවීම් මුල්කරගෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇතිව තිබෙන බවත්, එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් නිසා තවදුරටත් මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බවට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ඉදිරිපත් කර

gossiplankanews.com- A Youth Who Attacked A Police Officer in Divulapitiya Dies

Image
mdf¾ hoaÈ msiaf;da, Èlalr.;a fmd,sish fjä;nd urKhg fmr o¾Yk fmd,sisfha wju n,h .ek miq.sh ld,fha ixjdohla we;sjqfha iufi!LH Woaf>daIlhskag m%ydr t,a,lsÍfï isoaêhlska miqh' wk;=rej miahdf,a mqoa.,fhl= ksrmrdfoa fmd,sia fjä myßka ureÿgq isoaêhla jd¾;d jqKd' ±ka Èjq, msáfhkq;a fmd,sia fjä ;eîulska ;reKfhl= ñhf.dia we;' tu fjä ;eìu isoaOjkakg állg fmr leurdjlska ùäfhda lrñka jdykhl .uka .ksñka isá wfhl=g isoaêhg wod< fmd,sia ks,Odßhd mdf¾ msiaf;da,hla Èlalrf.k isák úr, oiqk ùäfhdajg k.d.kakg yelsjqKd' fuu ia:dkfha§ fmd,sish ;reKfhl=g fjä ;enQ nj;a fjä ;eîfuka wk;=rej ;=jd ,enQ ;reKhd Èjq,msáh Èid frday,g we;=<;a l< w;r miqj Tyq Ôú;laIhg m;ajQ nj;a jd¾;d jqKd' Tyq msyshlska fmd,sishg wkskakg wd  l;djlao lshejqKd'

gossiplankanews.com- අක්කාගෙන් පලිගන්න නංගිව දුෂණය කරලා

Image
සියඹලාණ්‌ඩුව දණගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු විසින් ලාබාල දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇති අතර එම තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු 31 හැවිරිදි වියේ පසුවන අයෙකි. අපහරණයට ලක්‌වූයේ ඉගිනියාගල දේවාලේගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකි. සැකකරු මීට පෙර අතවරයට ලක්‌වූ දැරියගේ අක්‌කා සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර පසුව ඇය වෙනත් තරුණයකු සමග හොර රහසේ පලාගොස්‌ ඇත. ඊට පසු සැකකරු තම පෙම්වතියගේ නැගණිය සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන ඇති අතර ඇය රවටා ගෙනවිත් ඉකුත් 18 දින බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත.

gossiplankanews.com- පොසොන් පෝ දින හක්‌කපටස්‌ කෑ ගවයාට ගිය කල…

Image
සැමට මෛත්‍රිය පැතිරිය යුතු පොසොන් පෝය දිනයේදී ඌරන්ට දමා තිබූ “හක්‌කපටස්‌” නමැති පුපුරණ ද්‍රව්‍යයක්‌ සැපීම නිසා යටි හඟුරන්කෙත ආර්. එම්. රන්බණ්‌ඩා නමැති අයගේ ගවයාගේ හොම්බ මුළුමනින්ම විනාශ වී ඇති අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. ගවයාට කිසිදු ප්‍රතිකාරයක්‌ කළ නොහැකි හෙයින් ක්‍ෂණීක මරණය අත්වන එන්නතක්‌ විදීමට පශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කරන ලදී. වල් ඌරන් දඩයම් කිරීම සඳහා හඟුරන්කෙත, උඩවත්ත, කොට්‌ටල, වැවතැන්න ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක්‌ මෙසේ “හක්‌කපටස්‌” යොදාගන්නා බව හඟුරන්කෙත පොලිසිය පවසයි.

gossiplankanews.com- වටරැක හිමි මානසික වෛද්‍යවරයෙකු හමුවට

Image
(වටරැක)දැනට කොළඹ ජාතික රෝහ‍ලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ට මානසික රෝගයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා උන්වහන්සේව මානසික විශේෂඥ වෛද්‍යවරයකුට ඊයේ දින යොමු කර තිබේ. පසුගිය 19 වනදා උන්වහන්සේ රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පැහැරගැනීමට ලක්ව තුවාල සහිතව වුවත් පසුව එය රඟපෑමක් බවට පොලිස් පරීක්ෂණ ඔස්සේ තහවුරු විය.

gossiplankanews.com- හර්තාල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ශරියා නීතිය නිසාද

Image
(හර්තාල්)පසුගිය දිනවලලංකාව පුරා සිවිල් මුස්ලිම් ජනතාව පාරවල් අවහිර කරමින් පැවැත්වූ හර්තාල් ව්‍යාපාරවලට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රශ්න කර සිටී. එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ අස්සනින් මේ ලිපිය යවා තිබේ. බෞද්ධ ජනතාවගේ සාමකාමී රැස්වීම් විරෝධතා තහනම් කරමින් උසාවි නියෝග නිකුත් කරන මෙරට නීතිය මුස්ලිම් විරෝධතාකරුවන්ට බල නොපවත්වන්නේ ඔවුන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන නිසා දැයි එම ලිපියෙන් උන්වහන්සේ විමසා සිටී. අලුත්ගම සිදුවීමෙන් පසු බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන පැවැත්වීමට සූදානම් වූ මාවනැල්ල, රුවන්වැල්ල, බදුල්ල, මහියංගණ බෞද්ධ වැඩසටහන් තහනම් කර සිටියේ රට තුළ සාමය, ආගමික සහජීවනය, පවත්වා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් නොවේදැයි සෝභිත හිමියෝ එම ලිපියෙන් විමසති. එම සාමකාමී තත්ත්වය පවත්වා ගැනීම සඳහා මුස්ලිම් ආගමික සංවිධානවලට අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට එරෙහිව එම නීතිය ක්‍රියාවට නොයෙදෙන්නේ මේ රට තුළ රටේ නීතියට ඉහළින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන නිසා දැයි උන්වහන්සේ විමසති.

gossiplankanews.com- මඩකලපුවේ සමුහ මිනීවල 'යලි ගොඩ දාන්න'

Image
පරීක්ෂණ කොමිසමේ නියෝජිතයන් මිනීවල ඇතැයි පැවසෙන ස්ථාන නිරීක්ෂණය කල අයුරු වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

gossiplankanews.com- නාමල් අලුත්ගම විපතට පත් ජනතාව හමුවෙයි

Image
ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම හා දර්ගා නගරයේ ගැටුම් වලින් හානියට පත් ජනතාව හමු වෙති. එම ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් හානියට පත් දේපළ හා එහි ප්‍රමාණය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.

gossiplankanews.com- හිතුවක්කාර මෝටර් රථ තරඟ වැරදියි - අනුනාහිමියෝ

Image
මහනුවර දළදා නගරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති රාත්‍රී මෝටර් රථ සැණකෙළිය නතර කරන්නැයි තමන් මහානාහිමිවරුන් විසින් කරන ලද ඉල්ලීමට සවන් දීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යුතුකමක් බව මල්වතු පාර්ශවයේ අනුනාහිමියෝ පවසති. එම විරෝධයට කන් නොදී සැණකෙළිය පැවැත්වීමට කටයුතු කිරීම "අත්තනෝමතික, වැරදි වැඩක්" බවයි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් බීබීසී සංදේශයට කියා සිටියේ.

gossiplankanews.com- මැතිව්ස්ගේ නායකත්වය ජයග්‍රහණයට හේතුවය් - සංගක්කාර

Image
ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා තුන් ඉරියව්වේන්ම ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල්වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසනවා "මැතිව්ස් පෙන්නුවා ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් කියලා" යනුවෙන් සංගක්කාර පැවසුවා තරගයේ ස්වභාවය සම්පුර්නයෙන්ම වෙනස් කල මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවුණා."අපට වාසි හා අවාසි අවස්ථාවලදී ඔහු මේ තරගාවලියේ අපව මෙහයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ"

gossiplankanews.com- වටරැක හිමි රඟපෑ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කාගේද?

Image
වටරැක විජිත හිමියන් මුළුමනින්ම සිදුකර තිබෙන්නේ ‘රඟපෑමක්’ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 22 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් පැවැසීය. අජිත් රෝහණ මහතා පවසන ආකාරයට එය හුදෙක් රඟපෑමක් නම් වටරැක විජිත හිමියන් සිදුකර තිබෙන්නේ මාරක ළිඳේ මෝටර් සයිකලයක් පදිනවා වැනි ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. එය වෙනත් පැත්තකට පෙරැළී ගියේ නම් මේ වනවිට භික්ෂු, භික්ෂූන් අතරේ සහ රටේ සිංහල මුස්ලිම් ජාතීන් අතරේ දැවැන්ත ගැටුමක් නිර්මාණය වී හමාරය. මුළු රටේම කඩ සාප්පු දේ‍පොළ ගිනි ගන්නට ඉඩ තිබුණි. විශාල මිනිස් සංහාරයක්ද මේ වනවිට සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබේ. එබැවින් වටරැක විජිත හිමියන්ගේ ක්‍රියාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි ක්‍රියාවක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. මහියංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී අත්පා බැඳ සිරුර පුරා කැපුම් තුවාල සිදුකොට බණ්ඩාරගම හිරන පාලම අසල දමා ගොස් තිබිණ.