gossiplanka - කොදෙව් පිලේ උපක්‍රම දන්නවා, අපි ලෑස්තියි'
‘අපි ලෑස්තියි, කවුරු පන්දු යැව්වත් කවුරු පන්දුවට පහර දුන්නත් අපි ලෑස්තියි. ඒ වෙලාවට අපි ළඟ සැළසුම් තියෙනවා.’ මයිකල් ද සොයිසා පැවසීය.
අද පැවැත්වෙන තරඟයට දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ක්‍රීඩා නොකරන අතර ලසිත් මාලිංග කණ්ඩායමට නායකත්වය ලබා දෙන බව කණ්ඩායමේ කළමනාකරු ප්‍රකාශ කළේය
.T20 ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ පූර්ව අවසාන තරඟ අද, බ්‍රහස්පතින්දා ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරඟ වදින මෙම අදියරේ පළමු තරඟය අද සවස ආරම්භ වීමට නියමිතයි.
ඩකා අගනුවර ‘මීර්පූර්’ ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශ් වේලාවෙන් සවස හතටයි තරඟය ආරම්භ කෙරෙන්නේ.
කණ්ඩායම් දෙකම මුල් පෙළේ පිති කරුවන්ගෙන් සහ පන්දු යවන්නන්ගෙන් සමන්විත වෙන හෙයින් ඉතා උණුසුම් තරඟයක් නැරඹිය හැකි වනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු බලාපොරොත්තු තබති.
මෙම තරඟාවලියේ අවසන් අර්ධ පූර්ව තරඟාවලියේදී නවසීලන්ත කණ්ඩායම සමඟ තරඟ වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශ්මිත ජයග්‍රහණය ක්‍රිකට් ලෝකයේ විශේෂ කතා බහට ලක් විය.
Comments
Post a Comment