gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්.
යාපනය විශ්වවිද්‍යලයේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ.
ජීවිත තර්ජන
යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරු වහාම මේ තත්ත්වය නතර කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල බලධාරීන් ඇතුලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
අසාධාරණ ක්‍රියාවක්
මේ අතර ලබන මැයි මස 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා යාපනය විශ්ව විද්‍යාලය කිසිදු හේතුවක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබීම අසාධාරණ ක්‍රියාවක් ලෙසද ඔවුහු පෙන්වා දෙති.
යාපනය විශ්ව විද්‍යාලය මෙම කාලය තුළ වසාදැමීමට හේතුව කුමක්දැයි කොළඹ බී.බී.සී.වාර්තාකරු අසාම් අමීන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් විමසුවිට ඔහු කියා සිටියේ බුද්ධි අංශ විසින් සිදුකළ දැණුම් දීමකට අනුව විශ්ව විද්‍යාලය වසා දමා ඇති බවයි.
බුද්ධි අංශ දැනුම්දීම්
අවසන් යුද සැමරුම් කාලයේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහි කිරීම පිණිස මේ කාලය තුල සංවිධානාත්මක උත්සව පැවැත්විය හැකි බවට බුද්ධි අංශ දැනුම් දී ඇති බවයි ඇමතිවරයා පැවසුවේ.
පසුගිය වසරේද යාපනය විශ්වවිද්‍යලය තුල එවැනි සිදුවීම් ඇතිවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
gossiplanka
Comments
Post a Comment