gossiplankanews.com- කාන්තා සිරුර යුද අවියක් නොවෙයි' - නිමල්කා


යුද ලිංගික ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ ලාංකික කාන්තාවක්
පසුගිය අඟහරුවාදා ලන්ඩනයේ දී ආරම්භ වූ “ලිංගික හිංසනය නතර කිරීමේ” ලෝක සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ස්වේච්ඡා සංවිධාන අතර ‘වර්ගවාදයට සහ ජාතිවාදයට එරෙහි ශ්‍රී ලංකා සංවිධානය ද විය.
යුද්ධයේදී කාන්තා දූෂණය යුද අවියක් හැටියට යොදා ගැනීමේ අපරාධය නතර කිරීම පිළිබඳවයි ලන්ඩන් සමුළුවේදී සාකච්ඡා කෙරුණේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම සමුළුවට සහභාගී නොවුනේ ආරාධනාවක් නොලැබුණ හෙයින් බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබුණි.
කාන්තාව යුද අවියක් ලෙස භාවිතා කිරීමට එරෙහිව සිදු කෙරුණ වැදගත්ම ජාත්‍යන්තර මැදිහත් වීම ලන්ඩන් සමුළුව යැයි වර්ගවාදයට සහ ජාතිවාදයට එරෙහි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිනි නීතිඥ නිමල්කා ප්‍රනාන්දු කියා සිටියි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්