gossiplankanews.com- හමුදා ලිංගික හිංසන ගැන තවත් හෙළිදරව්වක්

යුද්ධයෙන් අනතුරුව හමුදා අත්අඩංගුවේ පසු වෙද්දී තමා ලිංගික හිංසනයට ගොදුරු වූ බව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් බීබීසි සංදේශයට කියා සිටියාය.
‘බවානි’ යනුවෙන් පෙනී සිටි එම දමිළ කාන්තාව සිය ආරක්ෂාව පතා තමන්ගේ සම්පූර්ණ නම හෙළි නොකරන මෙන් සංදේශයෙන් ඉල්ලීමක් ද කළාය.
2009 අප්‍රේල් මාසයේ වවුනියාවේ චෙට්ටිකුලම් කඳවුරක වසරක් ගෙවූ බවත් තමන් ගම්මානයට මුදා හල පසු 2010 මැයි මස තාන්ඩිකුලම් හිදී හමුදාව තමා නැවත අත්අඩංගුවට ගෙන කඳවුරට ගෙන ගිය බව පවසන්නීය.
තමන් ගෙන ගිය කඳවුරේ තවත් තරුණියන් සිව් දෙනෙකු සිටි අතර සියලු ම දෙනා දූෂණයට සහ ලිංගික හිංසනයට මුහුණ දුන් බව ‘බවානි’ සංවේගයෙන් යුතු ව විස්තර කළ අතර තමා සත්‍යය පැවසීමට ඉදිරිපත් වූයේ යුක්තිය අපේක්ෂාවෙන් බව ද පැවසුවාය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ, මෙය ශ්‍රී ලංකාවෙන් අනෙකුත් රටවලට සරණාගතයන් ලෙස ගොස් දේශපාලන රැකවරණ ලබා ගැනීම පිණිස ගොතන ලද බොරුවක් විය හැකි බවයි.

කාන්තාවක් මෙලෙස අතුරුදහන් වූයේ නම් ඒ පිළිබඳ ව අදාළ ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ලක් ලැබිය යුතු අතර පැහැදිලි තොරතුරු නොමැතිව තමන්ට විධිමත් සොයා බැලීමක් කල නො හැකි බව කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය තව දුරටත් කියා සිටියේ, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් යුද කාලයේ මෙන්ම යුද්ධයට පසුවත් විමර්ශන පවත්වා වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට හමුදාව කටයුතු කර ඇති බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්