gossiplankanews.com- කෝච්චියට පැන්න සෙව්මිණි ගේ පාසල වසා දමයි

සෙව්මිණිකඳාන, හපුගොඩ සාන්ත මරියා විද්‍යාලයේ පසුගිය (06 දා) දුම්රියට පැන සියදිවි හානිකරගත් 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සෙව්මිණි අපේක්‍ෂා ශිෂ්‍යාව සම්බන්ධව චෝදනා එල්ල වූ විනය කමිටුව භාර ගුරුතුමියන් දෙපළ මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයට මාරුකර යෑවීමට පළාත් අධ්‍යාපන කාර්යාලය ඊයේ (10 දා) දින සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී තීරණය කළ බව පැවසෙන අතර, එහි විදුහල්පතිවද විමර්ශන කටයුතු අවසාන වූ වහාම මාරු කිරීමට තීරණය කර ඇතැයි මීගමුව අධ්‍යාපන කලාප කාර්යාල ආරංචි මාර්ග පවසයි. බස්‌නාහිර පළාත් අධ්‍යාපන ලේකම් හා මීගමුව අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂ යටතේ මෙම විමර්ශන කටයුතු (10 දා) ඊයේ දින සිදු වී ඇත. ඉදිරි දින කීපයෙත් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ. ඉදිරි දින කීපය පාසලේ සිසුන්ට නිවාඩු දීමට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා තීරණය කර ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්