gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’

බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවල දී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නොහැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අලුත්ගම ප්‍රදේශයේ ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති ව තිබූ අවස්ථාවක බොදු බල සේනා සංවිධානයට අලුත්ගම දී රැළියක් පැවැත්වීමට අවසර ලබා දීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍ය වරයා එම අදහස් පළ කළේ.
පොසොන් උත්සවය යෙදී තිබුණේ ඉන් දින දෙකකට පෙර බව පෙන්වා දුන් අවස්ථාවේ දී අමාත්‍යවරයා පැවසුවේ වෙසක් සහ පොසොන් වැනි උත්සව දින කිහිපයකට වඩා සමරන බවයි.

අවසර ලබාදීම

පොලිස්පති එන්.කේ.ඉලංන්ගකොන් කියා සිටියේ රජය විසින් අවසර ලබාදී තිබුණේ බොදු බල සේනා සංවිධානයට නොව සාශනාරක්ෂක බල මණ්ඩලයේ රැස්වීමකට බවයි.
තව දුරටත් අදහස් පළ කළ පොලිස්පති කියා සිටියේ මීට මාස දෙකකට පෙර බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ කිසිදු ප්‍රශ්නයකින් තොරව රැළියක් පවත්වා තිබුණු බවයි.
පොලිස්පතිවරයාට අනුව අදාළ රැළිය පැවැත්වීමට පෙර පොලිසිය, මුස්ලිම් සහ බෞද්ධ දෙපාර්ශවයේම ආගමික නායකයන් හමු වී තිබෙන අතර කිසිදු කඩාකප්පල්කාරී සිදුවීමක් සිදු නො වීමට කටයුතු කරන බවට ඔවුන් පොලිසියට සහතිකවී තිබේ.
නමුත් මෙම රැළිය අවසානයේ රැළියට සම්බන්ධ වාහන පෙළක් දර්ගා නගරයෙන් ගමන් කිරීමේ දී මෙම ගැටුම ආරම්භ වූ බවයි පොලිස්පති වරයා පවසන්නේ.
සම්පුර්ණ සිද්ධියට වගකිවයුතු 55 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔවුන් අතර සිංහල ජාතිකයන් 48 දෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් 7 දෙනෙකු සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය අලලා දේශපාලන වාසි ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන නිසා ජනතාව ඊට නොරැවටිය යුතු බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්