gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා රජයට සම්බන්ධ දෙස් විදෙස් ආයතන ගණනාවක නිල වෙබ්  අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී ඒවායේ පාලනය සියතට ගැනීමට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව රජයට තොරතුරු අනාවරණය වී තිබේ.
ඔපරේෂන් ශ්‍රී ලංකා නමින් හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම (Hackers) ශ්‍රී ලංකා රජයේ වෙබ්  අඩවි 352කට බලෙන් ඇතුළු වී දත්ත සොරා ගත් (හැක් කළ) බව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.බේරුවල සහ අලුත්ගම ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට එරෙහිව සයිබර් යුද්ධයක් ඇරඹූ බව මෙම කණ්ඩායම එම ගිණුමේ දක්වා තිබේ.


කෙසේ වෙතත් අදාළ කණ්ඩායම අන්තර්ජාලයට මුදා හැර ඇති ශ්‍රී ලංකා රජයේ නිල වෙබ්  අඩවිවල කේත අංක හා රහස්‍ය දත්ත එම වබේ අඩවිවලට තර්ජනයක් වන පරිදි භාවිත කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ඊයේ (22) රිවිරට ප්‍රකාශ කළේය.
ඉකුත් 20 දා අලුයම සිට මෙම සංවිධානාත්මක කණ්ඩායම රජයේ වෙබ්  අඩවි ගණනාවක්ම ආක්‍රමණය කිරීමට පටන් ගෙන තිබිණි. අනාරක්ෂිතව පැවැති නිල වෙබ්  අඩවි ගණනාවක් අඩපණ කිරීමට මෙම කණ්ඩායමට හැකි වුවද නිල වෙබ්  අඩවි මුළුමනින්ම අක්‍රිය කිරීමට ඔවුන් අ‍පොහොසත් වූ බවද අදාළ ප්‍රකාශකයා පැවැසීය.
පැය කීපයක් තුළ මෙම කණ්ඩායමේ තර්ජනයෙන් රජයේ වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමට හැකිවූ බවද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.මීට පෙර ද අවස්ථා ගණනාවක් ඒ සඳහා උත්සාහ කළ පිරිසක් පසුගිය දින කිහිපයේ දී බොහෝ වබේ අඩවිවලට අනවසරයෙන් අතුළු වී දත්ත සොරාගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව මේ පිළිබඳ රජය විශේෂ පරීක්ෂණයක් මේ වන විට අරඹා තිබේ. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකම නිල වබේ අඩවි හැක් කිරීමට ඔවුන් උත්සාහ කර තිබූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කළේය.
රජයේ වබේ අඩවි මෙන්ම බොදු බලසේනා සංවිධානයේ සහ බෞද්ධාගමික ප්‍රචාරණයේ නිරත වබේ අඩවිවලට රහසේ ඇතුළු වී දත්ත සොරාගැනීමටත් ඒවා අඩපණ කිරීමට ද මෙම කණ්ඩායම අඛණ්ඩ උත්සාහයක නිරත වී ඇත.ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක් එක්ව මෙම සංවිධානාත්මක කණ්ඩායම වළක්වා ඇත. නමුත් දින 2ක් හෝ 3ක් යළි එම වබේ අඩවි හැක් කිරීමට මේ අයුරින් තැත් කළහොත් වබේ අඩවි අක්‍රිය කිරීමේ හැකියාව පවා නැතිවනු ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
‘ඔපරේෂන් ශ්‍රී ලංකා’ නමැති සංවිධානය විසින් රජයේ වෙබ්  අඩවි හැක් කිරීම සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලයේ සිය ගිණුම් ඔස්සේ වරින් වර කරුණු ඉදිරිපත් කළ ද එම තොරතුරු බොහොමයක් ව්‍යාජ බව ඉහත කී ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය.
රජයේ ඉතා වැදගත් වබේ අඩවිවලට රහසේ ඇතුළුවී වරින් වර අක්‍රිය කිරීම, යළි ක්‍රියාත්මක කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සයිබර් යුද්ධයක් ඇතිකරලීම තම උවමනාව බවත් ඔහුගේ එම තොරතුරු ඔස්සේ දක්වා ඇත.
මේ අතර ‘ඔපරේෂන් ශ්‍රී ලංකා’ විසින් හැක් කළ බව කියන බොදු බල සේනා සංවිධානයේ නිල වෙබ්  අඩවිය මේ වන විටත් අක්‍රිය තත්ත්වයේ පවතී. එමෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙබ්  අඩවිය ද මෙම පුවත ලියන අවස්ථාව වනවිටත් අක්‍රියව පැවැති අතර එය සාර්ථක ලෙස හැක් කිරීමට හැකිවූ බව ‘ඔපරේෂන් ශ්‍රී ලංකා’ පවසා තිබිණ.
(ප්‍රබෝධා හෙට්ටිආරච්චි)

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia