Posts

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන රහස් පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැණිනි. අද පාන්දරම තකනියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. ජනාධිපතිවරයා අද නිදහස් දිනයේ පවත්වන, කුප්‍රකට ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් සකසන දේශනයට කරුණු පදනම් කරගැනීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පැවසෙන අතර, රහස් පොලිසිය අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ නිවස වටලන අවස්ථාවේ සිට සිරස රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබිණි. රහස් පොලිසිය විසින් ගනු ලබන තීරණයක් මාධ්‍ය අයතනයකට ලැබුණේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්තයක් මතුවන අතර, ජනපතිවරයා වෙනුවෙන් කඩේ යන සිරස හරහා එම අත්අඩංගුවට ගැනීම සජීවීව විකාශය කිරීමෙන් පෙනී යන්නේ මෙය සැලසුම් සහගතව කරන ලද සංදර්ශනයක් බවයි.

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

සුපේශල ශික්‍ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ විසූහ. කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි. මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ වුයේදමෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ ය. එබඳු මහා යතිවරයන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ද ආදර්ශවත් යුග මෙහෙවරකි.ස්වකීය ජාත ග්‍රාමය ලෝක පූජිත කරවීමට තරම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිරිලක සසුනඹරෙහි පහළවීම රටට ම ආශීර්වාදයකි. එකම පවුලක දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන් ද, දේශීය හා විදේශීය වශයෙන් ද සම්බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබීමද සුවිශේෂී දුර්ලභ කරුණකි.

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා පැවසුවේ 2015 වර්ෂයේදී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන විට ඔහු පිළිබඳව සම්පූර්ණ වගකීම තමා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා පලවෙනවා. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග අනුව පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ ඇමරිකාව බලා ගමන් කරමින් සිටියදි ඩුබායි ගුවන්තොටුපලේදි මෙසේ ප්‍රශ්නකරමින් සිටින බවයි. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා තිබිණි.

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

Image
වසර 1818 දී හටගත් වෙල්ලස්‌සේ කැරැල්ල නිසා බ්‍රිතාන්‍යය තුළ වැදගත් දේවල් කිහිපයක්‌ ම සිදුවිය. පළමුවැන්න එරට ලිබරල් ව්‍යාපාරය දියුණු වීමය. දෙවැන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ වෙල්ලස්‌ස කැරැල්ල මර්දනය කරන ලද කෲර විලාසයට විරුද්ධව ලිබරල් මතධාරීහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ යකා නැටීමය. මේ යකා නැටීම නිසා පාර්ලිමේන්තුවෙන් පිටත මහපාරවල, කඩවල් අයිනේ, පාරවල ගමන් කරමින් සිටි, ගෙවල් තුළ පොකට්‌ රැස්‌වීම් පවත්වමින් සිටි ලිබරල්වාදීහු සියලු වැඩ නවත්වා එවකට සිටි තුන්වැනි ජෝර්ඡ්රජතුමාගේ රාජාණ්‌ඩුවට විරුද්ධව විරෝධතා පවත්වන්නට වූහ. මේ විරෝධතා අතුරින් ලොකුම විරෝධතාව 1819 අගෝස්‌තු 16 වැනිදා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්‌ටර් නගරයේ ඇති වූ පීටර්ලු විරෝධතාවයි. 1815 අවුරුද්ද වන විට එංගලන්තය පැවතුනේ ආර්ථික අතින් හොඳටම පහළ තැනකය. නැපෝලියන් සමඟ යුද්ධ කිහිපයක යෙදීමට මුදල් වියදම් වීම නිසාද, යටත් විජිත ගණනාවක්‌ ම පාඩු පිට පවත්වාගෙන යැම

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

Image
ජාතික තරුණ සේවා සභාවට අයත්, මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් ගලවා ඉවත් කිරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබේ. ස්‌කොට්‌ලන්තයෙන් ගෙන්වන ලද යකඩ කණු බාල්ක යොදා සවි ශක්‌තිමත් ලෙස ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයන් හි තට්‌ටු සහ තරප්පු පෙළ සවි ශක්‌තිමත් ලීයෙන් එංගලන්ත ජාතිකයන් විසින් තනා තිබේ. එම ලී යකඩ සහ මෙම ගොඩනැඟිල්ලෙහි සවිකොට තිබෙන රුපියල් කෝටි 3.5 ක්‌ වටිනා අකුණු සන්නායකය ඇතුළු ඇලුමිනියම් තහඩු ස්‌ලයිඩ් ජනේල විකුණා දැමීමේ රහසිගත සැලසුමක්‌ ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

gossiplankanews - මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ ඉලක්කය කරුණා අම්මාන්

Image
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයහා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයා ගැන මේ වනවිට පොලිසිය සිදු කර ඇති විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණයවී තිඛෙනවා. එඩ්වඩ් ජූලියට් නමැති පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයාගේ චාවාකච්ච්ෙරි මරවන්ලෝබු ප්‍රදේශයේ පිහිටි නිවසින් මෙම සැකකටයුතු දේවල් හමුවී තිබුණි.මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකු බවටද අනාවරණයවී තිබේ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 04 ක් මිලිමීටර් නවයේ වෙඩි උණ්ඩ 100 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී හමුවී තිබුණා. මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයන් මුදල් එවා ඇති බවද මොහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ කරන ලද විමර්ශනවලදී මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින කොටි සාමාජිකයන් හා සමීප සබඳතා පවත්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.