නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා
වසර 1818 දී හටගත් වෙල්ලස්‌සේ කැරැල්ල නිසා බ්‍රිතාන්‍යය තුළ වැදගත් දේවල් කිහිපයක් ම සිදුවිය. පළමුවැන්න එරට ලිබරල් ව්‍යාපාරය දියුණු වීමය. දෙවැන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ වෙල්ලස්‌ස කැරැල්ල මර්දනය කරන ලද කෲර විලාසයට විරුද්ධව ලිබරල් මතධාරීහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ යකා නැටීමය. මේ යකා නැටීම නිසා පාර්ලිමේන්තුවෙන් පිටත මහපාරවල, කඩවල් අයිනේ, පාරවල ගමන් කරමින් සිටි, ගෙවල් තුළ පොකට් රැස්‌වීම් පවත්වමින් සිටි ලිබරල්වාදීහු සියලු වැඩ නවත්වා එවකට සිටි තුන්වැනි ජෝර්ඡ්රජතුමාගේ රාජාණ්‌ඩුවට විරුද්ධව විරෝධතා පවත්වන්නට වූහ. මේ විරෝධතා අතුරින් ලොකුම විරෝධතාව 1819 අගෝස්‌තු 16 වැනිදා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්‌ටර් නගරයේ ඇති වූ පීටර්ලු විරෝධතාවයි.
1815 අවුරුද්ද වන විට එංගලන්තය පැවතුනේ ආර්ථික අතින් හොඳටම පහළ තැනකය. නැපෝලියන් සමඟ යුද්ධ කිහිපයක යෙදීමට මුදල් වියදම් වීම නිසාද, යටත් විජිත ගණනාවක් ම පාඩු පිට පවත්වාගෙන යැම
නිසා ද එරට රාජ්‍ය භාණ්‌ඩාගාරය හොඳටම නට්‌ටං වී තිබූ අතර රජතුමා වූ හතරවන වන ජෝර්ඡ්ගේ රත්තරන් බඩු පවා උකස් තැබිය යුතු තත්ත්වයක් මතුව තිබිණි. නැපෝලියන්ගේ යුද්ධ සමූහය අවසන් වනවාත් සමඟම එංගලන්තය පුරා නියඟයක් පැතිර ගියේය. මේ සියලු කරුණු නිසා බ්‍රිතාන්‍ය පුරා රැකියා හිඟයක් පැතිර ගියේය. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කොන්ද පණ නැති බැවින් එංගලන්ත ආණ්‌ඩුව ඉල්ලා අස්‌විය යුතු බව රටේ ප්‍රගතිශීලී කොටස්‌වල මතය විය. 1819 අගෝස්‌තු මස 16 වැනිදා එංගලන්තයේ මැන්චෙස්‌ටර් ප්‍රාන්තයේ සාන්ත පීතර පිට්‌ටනියට රැස් වූ ප්‍රගතිශීලී ජනයා බලගතු උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළහ. මෙහි පෙරමුණ ගත්තෝ මැන්චෙස්‌ටර් දේශප්‍රේමී සංගමය ය. මේ උද්ඝෝෂණයට විරෝධතාකරුවෝ 80,000 ක් පැමිණ සිටියහ. උද්ඝෝෂණය සිදුවන අතර එයට විරුද්ධව උසාවි නියෝගයක් ගත් බ්‍රිතාන්‍ය පොලිසිය හා හමුදාව උද්ඝෝෂකයන්ට වෙඩි තබන්නට වන. පළමු වෙඩි මුර වටයේදීම උද්ඝෝෂකයන් පහළොස්‌දෙනෙක් මියගොස් හත්සියයක් තුවාල ලදහ. වෙල්ලස්‌සේ කැරැල්ල මර්දනය කිරීමට ලංකාවට ගෙනා බ්‍රිතාන්‍ය භට කාණ්‌ඩායම් උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට යොදවන ලද බව පසුව හෙළි විය. මේ ක්‍රියාවට එරෙහිව විශාල මතවාදයක් රට තුළ ගොඩ නැඟුණු අතර, සිද්ධියෙන් මියගිය අයගේ සහ තුවාල ලැබූ අයගේ ලැයිස්‌තු වෙන වෙනම සකස් කර ප්‍රකාශයට පත් කරන ලදහ. බ්‍රිතාන්‍ය පුවත්පත් ආණ්‌ඩුවට දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර අගමැති ලෙස කටයුතු කළ ලිවර්පුල් සාමිවරයාගේ ආණ්‌ඩුව කඩාවැටෙන්නට පටන් ගත්තේය. මෙම කඩාවැටීම වළක්‌වා ගන්නා ලද්දේ ඉතා අමාරුවෙනි. සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට වන්දියක් ගෙවා සුජාතවාදය තහවුරු කිරීම සඳහා පනත් හයක් සම්මත කර දීමෙන් පසුව ලිවර්පුල් සාමිගේ ආණ්‌ඩුවට පණ ගලවා ගැනීමට හැකි වූයේය.

හැත්තෑවන නිදහස් දිනය නිමිත්තෙන් ලබන සතියේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජනගේ බාල පුත්‍රයා වන එඩ්වර්ඩ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන වැසෙන්ස් ආදිපාදවරිය සභභාගි වීමට නියමිතය. වෙල්ලස්‌ස කැරැල්ලේදී මේ රටේ සිංහල බෞද්ධයන් ලක්‍ෂ ගණනින් සංහාරය වෙද්දී එම සංහාරයට අත දුන් ලංකාවේ ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට එක වචනයකින් පීඩාවක් නොකළ හතරවන වන ජෝර්ඡ් රඡ්ජුරුවන්ගේ මී මුණුපුරකු වන එඩ්වඩ් කුමරයා ඔටුන්න හිමි කුමාරයකු ලෙස සලකන නමුත් ඔහුට රජ වීමට ලැබෙන්නේ 9 වන තැනටය. එනම් චාල්ස් කුමාරයාටත් ඔහුගේ පරම්පරාවේ සෙසු සාමාජිකයන්ටත් එළිසබත් රැජනගේ පවුලේ ඔටුන්න හිමි සෙසු සියලු දෙනාටත් බ්‍රිතාන්‍ය කිරුළ නොලැබෙන්නේනම් පමණක් එඩ්වඩ් රජවනු ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම සඳහා පළමුවන, දෙවන හෝ තුන්වන පන්තියේ නියෝජිතයකු නොඑවා නවවැනි පන්තියේ නියෝජිතයකු එවීමෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව අපට කර ඇත්තේ අපහාසයකි.

අනුර සොලමන් – දිවයින
Comments
Post a Comment