gossiplankanews.com- ශ්රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්
ශ්රී ලංකා රජයට සම්බන්ධ දෙස් විදෙස් ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී ඒවායේ පාලනය සියතට ගැනීමට ක්රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව රජයට තොරතුරු අනාවරණය වී තිබේ. ඔපරේෂන් ශ්රී ලංකා නමින් හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම (Hackers) ශ්රී ලංකා රජයේ වෙබ් අඩවි 352කට බලෙන් ඇතුළු වී දත්ත සොරා ගත් (හැක් කළ) බව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.බේරුවල සහ අලුත්ගම ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට එරෙහිව සයිබර් යුද්ධයක් ඇරඹූ බව මෙම කණ්ඩායම එම ගිණුමේ දක්වා තිබේ.
Comments
Post a Comment