වැට් බදු වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කරනු ලැබුණි. රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් බදු වංචා කළ බවටයි, හිටපු කොමසාරිස්වරයා චෝදනා ලැබ සිටියේ. වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි, ඥානසිරි සොයිසා නමැති විත්තිකරු ප්‍රකාශ කළේ.වරද පිළිගත් චූදිතයාට දඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය, ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි 1197 ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම කළාය. නීතිපතිවරයා චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා තිස් හතරක් ඉදිරිපත් කර තිබුණි.
Comments
Post a Comment