gossiplankanews- දින 2 වයසැති බිලිඳිය බසයේ දමා ගිය අම්මා අල්ලයි

womenarresදින දෙකක බිලිදියක්  කොළඹ බස් රථයක දම ගිය කාන්තාවක් අප්‍රේල් 2 දක්වා බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් එඩ්මන් කුලරත්න මහතා නියෝග කර ඇත. මෙලෙස බන්ධනාගර ගත කර ඇත්තේ වාරියපොළ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය 17 වැනිදා බඩේ අමාරුවක් කියා රෝහල් ගත වී ඇත.වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවන් යටතේ ඇය ගර්බනි වාට්ටුවට යව ඇති අතර පසුවදා ඇය දරුවෙකු බිහි කර ඇත .
පසුගිය 20 වැනිදා  රෝහලෙන් පිටත් වී ඇය කොලබ බසයකට නැගී යමින් ගමන් දරුවා එහි දමා ගොස් තිබේ. පොලිස් භාරයට ගත් දරුවා බිලිදු වාට්ටුවට යොමු කිරීමෙන් පසුව උසාවි නියෝග යටතේ දරුවා මිගලව ළමා නිවාසයට බර දී ඇත.



මේ අතර  ඇගේ  ඥාතීන් විසින් මේ කාන්තාව අතුරුදහන් බවට පොල්සියට පැමිණිලි කර තිබී ඇති අතර පොලිසිය   කළ පරීක්ෂණ වලින්  පසුව දරුවාගේ මවත් අතුරුදහන් කාන්තාවත් එක් අයෙකු බව  පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. ඒ අනුව කළ  පරීක්ෂණ වලින්  ඇය අත්අඩංගුවට  ගෙන ඊයේඋසාවියට ඉදිරිපත් කර තිබේ.
මේ කාන්තාව වරින්වර මැදපෙරදිග ගෘහ සේවයේ  ගිය අයෙකු බවද හෙළිවී තිබේ.
(පුෂ්පා වීරසේකර)

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’