gossiplankanews- MH 370 සෝදිසි මෙහෙයුම් නව දිශාවකට

MH 370 සෝදිසි මෙහෙයුම් නව දිශාවකට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 28 සිකුරාදා - 10:10 GMT
අතුරුදහන් වූ MH370 ගුවන් යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම ඉන්දීය සාගරයේ වෙනත් කලාපයකට යොමු කළ බව ඔස්ට්‍රේලියාව පවසයි.
එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ ගුවන් යානය කලින් නිගමනය කර තිබුණ ප්‍රමාණයට වඩා අධි වේගයකින් පියාසර කර ඇති බව අදාළ පරීක්ෂකයන් විසින් නිගමනය කරනු ලැබීමෙන් පසුව.
ඔස්ට්‍රේලියානු සාගර ආරක්ෂක අධිකාරිය(AMSA) දැන් පවසන්නේ, කලින් සෝදිසි කළ සාගර කලාපයෙන් කිලෝ මීටර් 1,100 ක් නිරිත දිග දෙසට යොමු වෙන බවයි.එවැනි තත්වයක් යටතේ යානයේ ඉන්ධන අවසන් වන්නට ඇති බවයි, පරීක්ෂකයන්ගේ අදහස වන්නේ.
මගීන් 239ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී MH370 ගුවන් යානය අතුරුදහන් වුනේ මාර්තු 08 වැනිදා.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia