gossiplankanews- MH370 යානයේ වියහැකි තවත් කැබලි

MH370 යානයේ වියහැකි තවත් කැබලි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 29 සෙනසුරාදා - 10:17 GMT
යානය අතුරුදහන් වී මේ වන විට සති තුනක කාලයක් ගතවී ඇත
නව සාගර කලාපයක සෝදිසි මෙහෙයුම් කරන චීන ගුවන් යානයක් විසින් අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ යැයි සැක කළ හැකි තවත් කැබැලි ගණනක් දැක තිබේ.
සිකුරාදා ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් ගුවනේ සිට දුටු බව කියැවුණු ඉන්දීය සාගරයේ තිබුණු කැබලි සෙවීම සඳහා චීන නැව් දෙකක් පරීක්ෂණ මෙහෙයවමින් සිටිති.
මේ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන ගුවන් යානා සංඛ්‍යාව අට දක්වා ඉහල නංවමින් තවත්
මැලේසියානු ගුවන් යානා දෙකක් මේ නව මෙහෙයුමට එක්වී සිටියි.
එසේවුවද සවස් භාගය වන විට වර්ෂාව හේතුවෙන් මෙහෙයුම් වලට බාධා ඇතිවීමට ඉඩ තිබෙන බවයි කාල ගුණ විද්‍යා නිලධාරීන් පවසන්නේ.
මගීන් 239 ක් රැගත් MH370 යානය අතුරුදහන් වී මේ වන විට සති තුනක කාලයක් ගතවී ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති