gossiplankanews- ඉන්දීය ක්‍රිකට් පාලනයේ මහ පුටුව ගවස්කාර්ට
- Get link
- X
- Other Apps
ඉන්දීය ක්‍රිකට් පාලනයේ මහ පුටුව ගවස්කාර්ට
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 28 සිකුරාදා - 12:43 GMT
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපතිවරයා හැටියට සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් පත්කරනු ලැබ ඇත.
සිරිනිවාසන් සැලකෙන්නේ ලොව අති බලසම්පන්න ක්‍රිකට් පරිපාලකයා හැටියටයි.ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් ගනු දෙනු කෙරෙන අයිපීඑල් තරඟාවලියට සහභාගී වෙන ක්‍රිකට් කණ්ඩායම් අතර එන්.සිරිනිවාසන්ට අයත් කණ්ඩායමක්ද ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එන්.සිරිනිවාසන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට තෝරා පත් කර ගනු ලැබුණ අතර ඔහු එළඹෙන ජුලි මාසයේ දී එම තනතුර භාර ගැනීමට නියමිතයි.
ඒ අතරවාරයේ අද සිකුරාදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ක්‍රියාකාරී අන්තර් වාර සභාපතිවරයා හැටියට සුනිල් ගවස්කාර් පත් කරන බවයි.
බැඳියාවන් අතර ගැටුම
සිරිනිවාසන් පාලනය යටතේ තරඟ පාවා දීමේ චෝදනා
‘බැඳියාවන් අතර ගැටුමක් ඇති වීම’ වළක්වා ලීමේ පියවරක් වශයෙන් දැනට නිරත රූපවාහිනී විස්තර විචාරක කටයුතු වලින් ඉවත් වෙන මෙන් සුනිල් ගවස්කාර්ට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, එමගින් ඔහුට අහිමි වෙන මූල්‍ය ඉපැයුම් වෙනුවෙන් ප්‍රමාණවත් ගෙවීම් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සිදු කෙරෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
සිරිනිවාසන්ට අයත් ‘චෙන්නායි සුපර් කිංග්ස්’ සහ රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් කණ්ඩායම් දෙකට මේ වසරේ අයිපීඑල් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවත් අධිකරණ තීන්දුවේ දැක්වෙයි.
අනවසර ඔට්ටු ඇල්ලීම් සහ තරඟ පාව දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙකටම චෝදනා එල්ල විය.
සිය බෑණනුවන් වන ගුරුනාත් මෙයිඅප්පන් අයිපීඑල් තරඟාවලිය අතරවාරයේ අනවසර ඔට්ටු ඇල්ලීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ එන්. සිරිනිවාසන් පසුගිය වසරේ ජුනි මාසයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියේ කටයුතු කිරීමෙන් වැළකී සිටි අතර, ගුරුනාත් මෙයිඅප්පන් ඇප මත මුදා හරිනු ලැබීමෙන් අනතුරුව සිරිනිවාසන් යළි සභාපති පදවියේ කටයුතු යළි ආරම්භ කරනු ලැබයි තිබුණේ.
ඔවුන් දෙදෙනාම කියා සිටින්නේ කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment