gossiplankanews- පාලක සන්ධානයට පහසු ජයක්

පාලක සන්ධානයට පහසු ජයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 30 ඉරිදා - 11:32 GMT
සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
බස්නාහිර පළාත් සභාවේ ආසන පනස් හයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 28 ක් හිමි වී තිබේ.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන නමයක් දිනාගනිමින් බස්නාහිර පළාත් සභාවේ තුන්වන ප්‍රධාන පක්ෂය බවට පත්වන අතරවාරයේ, ජනතා විමුක්ති පෙරමුණට හිමි වී තිබෙන්නේ ආසන හයක් පමණයි.

මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයට එක් ආසනයක්ද මුස්ලිම් කොන්ග්‍රසයට ආසන දෙකක්ද හිමි වී තිබේ.
දකුණු පළාත් සභාවේ ආසන තිස් තුනක් දිනා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය ලබද්දී එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි.
ජනතා විමුක්ති පෙරමුණ ආසන පහක් ලබාගනිමින් තෙවන ස්ථානයද, ආසන තුනක් හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිව්වැනි ස්ථානයද ලබාගත්හ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia