gossiplankanews - නැගෙනහිර විශ්ව විද්‍යාලය වසා දැමේ

නැගෙනහිර විශ්ව විද්‍යාලය වසා දැමේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 26- 18:35 GMT
පැය දෙකක පමණ කාලයකට පසුව පොලිසියේ උදවු සහිතව උප කුලපතිවරයා පිට වී ගියේය
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වන්තාරුමුල්ලේ පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් එහි අධ්‍යාපන කටයුතු අඟහරුවාදා සවස සිට නැවත දන්වන තුරු අත්හිටුවීමට බලධාරීහු තීරණය කළහ.
විශ්ව විද්‍යාල පරිපාලනයේ තීන්දුවට විරෝධය දැක්වූ සිංහල සිසුන් විසින් උද්ඝෝෂණයක් දියත් කරමින් රඳවා ගෙන සිටි උප කුලපතිවරයා පැය දෙකක පමණ කාලයකට පසුව පොලිසියේ ආධාරයෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවී ගියේය.

'දඬුවම් කරන්න'නේවාසිකාගාරවලින් ඉවත් වන මෙන් විශ්ව විද්‍යාල පරිපාලනය සියලුම ශිෂ්‍යයන්ට දන්වා තිබෙන අතර, එම කාලය තුල විශ්ව විද්‍යාල පීඨය තුල ගැවසීමද සිසුන්ට තහනම්.
පසුගිය සිකුරාදා නේවාසිකාගාරයක් තුල ශියයන් කොටස් දෙකක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුවයි, මෙම තත්වය උද්ගත වී තිබෙන්නේ.
සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන්ට පරිපාලනය ප්‍රමාද නොවී දඬුවම දිය යුතු බවටත්, පීඨයේ තිබෙන පොලිස් මුරපොල ඉවත් කළ යුතු බවට සහ සිංහල සිසුන් මෙන්ම දෙමළ සිසුන්ටද නේවාසිකාගාර පහසුකම් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිමින් ශිෂ්‍ය කණ්ඩායමක් පසුගිය සිකුරාදා සිට දේශන වර්ජන විරෝධතාවක නිරත වී සිටිති.
ශිෂ්‍ය නියෝජිතයන් හා පරිපාලනය අතර පැවති සාකච්ඡාවලදී තීරණයකට එළඹීමට අපොහොසත්වීම හමුවේ නැවත දන්වන තුරු දේශන අත්හිටුවීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කළේය.
එය දැනුම් දී පැය කිහිපයක් ඇතුලත ශිෂ්‍ය කණ්ඩායමක් උප කුලපතිවරයාගේ ගොඩනැගිල්ල වටලා ඔහුට පිටවීමට නොදී උද්ඝෝෂණයක නිරත වූහ.
ශිෂ්‍යයන් දෙදෙනාට පණවා තිබෙන පන්ති තහනම ඉවත් කොට සාමාන්‍ය පරීක්ෂණ පැවැත්වීම හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’