gossiplankanews- මරණ දඬුවමෙන් වසර හතළිහකට පසු නඩුව යළි විභාගයට
- Get link
- X
- Other Apps
මරණ දඬුවමෙන් වසර හතළිහකට පසු නඩුව යළි විභාගයට
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 10:04 GMT
හකමදාගේ සහෝදරිය යළි නඩු විභාගයක් ඉල්ලා අවුරුදු ගණනාවක් සටන් වැදුනාය
මරණ දඬුවමට නියම වී වසර 40කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පුද්ගලයකුගේ නඩුව යළි විභාගයට ගන්නා ලෙස ජපානයේ අධිකරණයක් නියෝග කරයි.
ඉවාඕ හකමදාට 1968දී මරණ දඬුවම නියම වුයේ තම ස්වාමියා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවටයි.
ඉන් පසුව හකමාදා අධිකරණයේදී වරද පිළිගත්තේය.දින විස්සක් ප්‍රශ්න කිරීම් වල දී පහර දීමට ලක් වූ ඔහු විසින් පාපෝච්චාරණයක් කරන ලදී.
පාපෝච්චාරණ මත පිහිටා නඩු පැවරීම ජපාන පොලිසියේ සම්ප්‍රදාය යි.
එහෙත් මෙය බලය යොදා ලබා ගත් බවට චෝදනා එල්ල වෙයි.
දැන් හකමදා ගේ වයස අවුරුදු 68ක් වන අතර මරණ දඬුවමට නියම වී ලෝකයේ දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටින පුද්ගලයා හකමදා බවට විශ්වාස කරන්නේ යැයි ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය නිවේදනයකින් පවසයි.
‘හකමදාට දඬුවම් පමුණුවා ඇත්තේ බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණයක් මත බවත් මෑතකදී ලබා ගත් DNA සාක්ෂි මත පිළිතුරු නොලද ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ නැගෙනහිර ආසියාතික පර්යේෂණ අධ්‍යක්ෂ රෝසීන් රෛෆ් (Roseann Rife) කියා සිටියේය.
අසූ එක් වියැති හකමදාගේ සහෝදරිය, හිදෙකෝ, යලි නඩු විභාගයක් ඉල්ලා අවුරුදු ගණනාවක් සටන් වැදුනාය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment