gossiplankanews- කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෘහ සේවිකාවන්ගේ සිරුරු අවයව විකුණති

kuwait-flagකුවේට් දේශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා වුණු ශ‍්‍රී ලාංකිකයන්ගේ අවයව විකිණීමේ මහා ජාවාරමේ තවත් ගොදුරක් බවට පත්වන්නට අසරණ ශ‍්‍රී ලාංකික කාන්තාවකට සිදු වී ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් මියගියා සේ සලකා මරණ සහතික සකස් කොට ඔවුන්ගේ ශරීරයේ අවයව ඉතා විශාල මුදලකට අලෙවි කිරීම සිදු කරයි.
පසුගියදා මෙලෙස අසාධ්‍ය රෝගී තත්ත්වයකින් රෝහලකට ඇතුළත් කර සිටි කාන්තාවක් ද අවාසනාවන්ත ලෙස මොවුන්ගේ ගොදුරක් බවට පත්ව ඇත. මෙහි කණගාටුදායකම සිදුවීම වන්නේ මෙම කටයුතු වලට සහයෝගය ලබාදෙන්නේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැනැත්තන් වීමයි. මෙසේ චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකම තානාපතිවරයා මැදිහත් වී කෙසේ හෝ එම චෝදනාවන්ගෙන් තමා ඇතුළු තම නිලධාරීන් මුදවා ගැනීමට  කටයුතු සිදු කළ බව කුවේට් දේශයේ වෙසෙන අතිබහුතරයක් දන්නා කරුණකි.



මෙම ආසන්නතම සිදුවීමේ වගඋත්තරකාරිය වී ඇත්තේ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් පද්මාවතී මැණිකේ නැමැත්තියයි. දෙවන ලේකම් තනතුර සඳහා ද නිසි සුදුසුකම් සපුරා නැතැයි දැනගන්නට ලැබෙන මැය රාජකීය විද්‍යාලයේ විදුහල්පතිගේ නැගණියක් ලෙස වාර්තා වේ. ශ‍්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමහර නිලධාරීන්ගේ සහයෝගය ද මෙම කාන්තාවට ලැබී ඇති බවත් මේ වන විට ඇයට විරුද්ධව පරීක්‍ෂණයක් සිදු වෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇත.
පසුගිය කාලයේ මෙවැනි ජාවාරම් වලට එරෙහිව හඬනැගූ මල්ලිකා නමැති කාන්තාවකට තානාපතිවරයා විසින් චෝදනා එල්ල කර නඩුවක් ද පවරා ඇත. තානාපතිවරයා ඇයට රටින් පිටවීම තහනම් කර නඩු පවරා ඇය ඉතා අසරණ තත්ත්වයට පත්කර ඇත්තේ ද මෙම චෝදනා වලින් තම නිලධාරීන් බේරාගැනීමට ය.
මේ පිළිබඳ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ශී‍්‍ර ලාංකිකයන් ඉහළ නිලධාරීන්ගේ ගොදුරු බවට පත් කරමින් සිදුකර ගෙන යන මේ මහා ජාවාරමට හවුල් වූවන්ගේ තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අදාළ බලධාරීන්ගෙන් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ ඉල්ලති.
- ශ‍්‍රී ලාංකික අපි

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia