gossiplankanews- පළාත් සභා ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
- Get link
- X
- Other Apps
පළාත් සභා ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 29 සෙනසුරාදා - 17:35 GMT
දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අද සෙනසුරාදා පැවැත්වුන මැතිවරණයේ ඡන්ද ගණන් කෙරෙමින් පවතින බව බීබීසී සංදේශය වාර්තාකරු අෂාම් අමීන් පවසයි.
මහජනතාව පළාත් සභා නියෝජිතයන් 155 ස් දෙනා තෝරා ගැනීමට මධ්‍යස්ථාන 4252 කදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදමුලන රාජපක්ෂ මහ විදුහලේදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ තර්ස්ටන් විදුහලේදීද ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිය ඡන්දය පාවිච්චි කළේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ පෙර පාසල් භූමියේදී.දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයෝ උදෑසනින්ම ඡන්දය දුන් බවයි මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.
ඇතැම් ප්‍රදේශවලින් ගැටුම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළහ.
රාත්‍රී නවය වනවිට තැපැල් ඡන්ද ප්‍රතිපල ද ඇතුළුව පළමු ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කොට තිබුණි.
මනාප ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම හෙට දවස තුළ සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment