gossiplankanews- නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු ඉඩම් කොල්ලයක

muslimcongressනැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම පළාතේ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ දේශපාලන හිතවතුන් අතර බෙදා දෙමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ සිදු කළත් ඊට එරෙහිව පියවර නොගෙන ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිමින් සිටින බවට ඉඩම් අමාත්‍යාංශය චෝදනා කරයි.
දේශපාලනඥයන් සිදුකරන මෙම ඉඩම් කොල්ලය නැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරු පියවර නොගන්නේ ඔවුන් ඉහත දේශපාලනඥයන්ගේ හිතවතුන් නිසා බවත් මේ තත්ත්වය මත අමාත්‍යාංශය ගැටලු


රැසකට මුහුණ පා සිටින බවත් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌කවල සිදුකරන මෙම ඉඩම් කොල්ලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට නැවැත්වීමට නොහැකි නම් ඒ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශයට හෝ අනෙකුත් ආයතනවලට වාර්තා කළ යුතු වුවත් මෙතෙක්‌ එවැනි කිසිදු වාර්තාවක්‌ හෝ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර නැති බව එම ප්‍රකාශකයා කීය.
යුද්ධය පැවැති සමයේ ඉඩම් අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස්‌ සිටින ජනතාවගේ ඉඩම් හා රක්‍ෂිත ඉඩම් මෙලෙස ඇමැතිවරු තම බූදලයක්‌ ලෙස සලකා හිතුවතුන් අතර බෙදාදීම ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia