gossiplankanews- ජර්මන් තරුණියක් පැහැරගෙන ගොස් දුෂණය කරලා ලු…

rapeg21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියක් කොළඹ තරු පහේ හෝටලයක රාත‍්‍රී සමාජ ශාලාවක බීමතින් සිටිටදී ඇයට අතවර කල බවට චෝදනා ලද කෝටිපති ව්‍යාපාරික තරුණයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටින මෙම තරුණිය තවත් ජර්මන් ජාතික තරුණ තරුණියන් සිවු දෙනෙකු සමඟ ගල්කිස්ස ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක නැවතී සිටිති. ඇය ඇගේ මිතුරු මිතුරියන් පිරිසක් සමඟ මෙම තරු පහේ හෝටලයට ගොස් නර්තනයේ යෙදෙන ගමන් අධික ලෙස මත් පැන් පානය කොට බීමත් තත්ත්වයෙන් සමාජ ශාලාවෙන් පිටතට එද්දී සැකකරු ඇය සමඟ පැමිණ ඇය මෝටර් රථයේ නංවාගෙන ඔහුගේ නිවෙසට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

පසු දින අවදි වන විට ඇය එම නිවෙස් නිරුවතින් සිටි අතර, මේ පිළිබඳව ඇය සැකකරුගෙන් ප‍්‍රශ්ණ කළ විට නිවසට රැගෙන ඒමෙන් පසුව තමා ඇෙඟ් ඇදුම් උනා දැමූ බව ඔහු ඇයට පවසා ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය ඇගේ නවාතැන්පොළේ සිටි මිතුරියන්ට දැන්වීමෙන් අනතුරුව ඔවුන් සමඟ ජර්මන් තානාපති කාර්යාලයට ගොස් මේ ගැන දැනුම් දී ඇති අතර, ජර්මන් තානාපති කාර්යාලයේ උපදෙස් මත බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති