gossiplankanews- හිටපු “කොටි පයිලට්” ලාත් උතුරේ වැඩට නැවතත් බැහැලා…
ගෝපි සහ අප්පන් නමැති ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනා 2010 සිට 2013 දක්වා ලොරි රියැදුරන් වශයෙන් සේවය කරමින් අන්තර්ජාතික ඩයස්පෝරාවේ උපදෙස් මත රාජ්‍ය විරෝධී ක්‍රියා කිරීමට උතුරේ සංවිධානය වන බවද හෙළිදරව් වී තිබේ.
මේ ත්‍රස්තවාදී පිරිසට දැනට පුනරුත්ථාපනය වී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක්ද එක්වී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.
පසුගියදා පලෙයි ප්‍රදේශයේදී රාජ්‍ය විරෝධී පෝස්ටර් තොගයක් සමඟ ආරක්‍ෂක අංශවලට හසුවූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තිදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඊළම යළි හිසවීමට ගෙන යන රහස් ක්‍රියාමාර්ග හෙළිදරව් වී ඇති බවද එම ආරක්‍ෂක අංශ භාර උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
උතුරේ එම ක්‍රියාකාරීන්ට අන්තර්ජාතික ඩයස්පෝරාව උණ්ඩියල් ක්‍රමෝපායවලින් උතුරට මුදල් එවන බවටද තොරතුරු ලැබී ඇති අතර යුද සමයේ වළදමා ඇති අවි ආයුධ යළි ගොඩගැනීමේ රහස් ක්‍රියාමාර්ගද ඔවුන් ක්‍රියාත්මක කොට ඇති බව හෙළිවී තිබේ.
Comments
Post a Comment