gossiplankanews - ඉන්දීය ක්‍රිකට් සභාපති 'ඉවත් විය යුතුයි
- Get link
- X
- Other Apps
ඉන්දීය ක්‍රිකට් සභාපති 'ඉවත් විය යුතුයි'
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 26
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන්
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සිය තනතුරින් ඉවත් වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බල කර සිටී.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම් පිළිබඳව පැවති පරීක්ෂණයකින් අනතුරුවයි.
සභාපතිගේ බෑනා - ගුරුනාත් මෙයියප්පන්
මෙම පරීක්ෂණයේදී හෙළිවූ කැරුණු රැගත් වාර්තාවට අනුව සභාපතිවරයාට එරෙහිව බරපතල
චෝදනා පවතින බවයි විනිශ්චයකාරවරුන් කියා සිටින්නේ.ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් සූදු කරුවන්ට අයථා ලෙස තොරතුරු සපයා ඇති බවට එල්ල වූ චෝදනා පරීක්ෂා කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කමිටුවක් පත් කර තිබුණි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් සහ ඔහුගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරති.
සභාපතිවරයා ගැන තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බ්‍රහස්පතින්දා දක්වා (මාර්තු 27) කල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment