gossiplankanews- ජනතාව විසින් අනර්කලී සහ නදීෂාව යැවිය යුතු තැනට යවලා
මනාප හතලිස් හත්දහස් අනූවක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව සිටින්නේ සරත් යාපා අබේවර්ධන මහතායි. විජේවීරසිංහ මහතා මනාප තිස්දෙදහස් එකසිය තිස්එකයි. කාංචන විජේසේකර මහතා මනාප තිස්එක් දහස් හාරසිය විසිඑකක් ලබාගෙන සිටිනවා. වීරසුමන විරසිංහ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව විසි නවදහස් තුන්සිය විසිහයයි.
මනෝජ් සිරිසේන මහතා ලබාගත් මනාප සංඛ්‍යාව විසි හතරදහස් හයක්. සරත් ද අල්විස් මහතා මනාප විසිතුන්දහස් තුන්සිට හැට එකක් ලබාගෙන තිබෙනවා. අරුණ ගුණසේකර මහතා ලබාගත් මනාප සංඛ්‍යාව විසි දෙදහස් එකසිය තිස්අටක්. එච් කේ පියසේන මහතා මනාප විසිදහස් දෙසීය හතලිස්අටක් ලබා ගත්තා.
එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත‍්‍රික්කයට වැඩිම මනාප ලබාගෙන ඇත්තේ චතුර ගලප්පත්ති මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව විසිහත් දහස් නවසිය තිහක්. එච් වී ගයාන් සංජීව මහතා මනාප විසි දෙදහස් දෙසීය හැත්තෑ එකක් ලබාගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටිනවා. කපිල වෙල්ලප්පිලි මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව විසිදහස් හත්සිය අටක්.
බී ජී චන්දන ප‍්‍රියන්ත මහතා මනාප දහහත්දහස් හාරසිය දහඅටක් ලබාගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් ජිනදාස කිතුලේගෙඩ මහතා මනාප හයදහස් එකසිය හැත්තෑ තුනක් ලබාගත්තා. ජයන්ත පතිරණ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව පන්දහස් අසූහතරක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ඒ මුණසිංහ රංජිත් මහතා මනාප හයදහස් හයසිය අසූවක් ලබාගනිමින් දකුණු පළාත් සභාවට තේරී පත් වී සිටිනවා. මෙවර දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වු නදීශා හේමමාලි මෙනෙවිය සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ඉදිරිපත් වු හිටපු මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා මෙනෙවිය පරාජයට පත්විම විශේෂත්වයක්.
Comments
Post a Comment