gossiplankanews- ගබ්සාවක් කරගත් පාසල් දැරියක් මිය ගිහින්

abortionnනීතිවිරෝධී ගබ්සාවකින් පාසල් දැරියක් මියයාමේ පුවතක් මදුරන්කුලම කනමුලයි ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.  14 හැවිරිදි දැරියක් දණහිසේ ඇති වූ ආබාධයකට යයි කියා ප‍්‍රතිකාර ලබාගැනීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. එහෙත් ඊයේ උදෑසන අදාළ දැරිය මියගොස් තිබෙනවා.
මරණ පරීක්‍ෂණ කටයුතු සදහා සිරුර හලාවත දිස්ති‍්‍රක් මහරෝහල වෙත



රැගෙන එනු ලැබුවා. ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඞී කේ විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු කියා සිටියේ මෙය නීතිවිරෝධි ගබ්සාවකින් පසු රුධිරයට විෂබීජ මිශ‍්‍රවීම නිසා සිදුවූ මරණයක් බවයි. සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගන්නා ලෙස ද නියෝග කෙරුණා.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’