gossiplankanews- හමුදා නායකයා ජනාධිපති තරඟයට

හමුදා නායකයා ජනාධිපති තරඟයට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා 
ඊජිප්තු හමුදා නායක ෆීල්ඩ් මාෂල් අබ්දුල් ෆාටා අල්-සිසි
ඊජිප්තු හමුදා නායක ෆීල්ඩ් මාෂල් අබ්දුල් ෆාටා අල් -සිසි පවසන්නේ ජනාධිපති ධුරයට තරඟ වැදීම සඳහා හමුදාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් ‘හමුදා නිල ඇඳුමින් පෙනී සිටින අවසන් අවස්ථාව’ යැයි ඔහු කියා සිටියේය.

පසුගිය ජූලියේ ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මුර්සි තනතුරෙන් පහ කෙරුණු ජනතා උද්ඝෝෂණයට නායකත්වය දෙනු ලැබුවේ ෆීල්ඩ් මාෂල් සිසි විසින්.මෙය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ සිදුවීමක්
.විරුද්ධවාදීන්ගේ අඩුව
‘හමුදා නිල ඇඳුමින් පෙනී සිටින අවසන් අවස්ථාව’
ඔහුගේ ජනප්‍රියතාව සහ ප්‍රබල විරුද්ධවාදීන්ගේ අඩුව නිසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව සිසිට තිබෙන බව මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.
හොස්නි මුබාරක් ගේ වසර තිහක ඒකාධිපති පාලනය 2011 අවසන් වීමෙන් පසු ඊජීප්තුව මුහුණ දී ඇති දේශපාලන අර්බුදය අවසන් කිරීමට 59 හැවිරිදි හිටපු හමුදා නායකයාට හැකි වෙතැයි ඔහුගේ ආධාරකරුවෝ විශ්වාස කරති.
ඉස්ලාම්වාදීන් 919 දෙනෙකුට නඩු පැවරීමට සහ 528 දෙනෙකු මරණ දඬුවමට යටත් කිරීමට අන්තර් පාලන අධිකාරීන් නියෝග කර පැය කිහිපයකට පසුවයි ඔහුගේ නිවේදනය ප්‍රකාශයට පත් වුයේ.
තමා අවුරුදු 15දී ශිෂ්‍ය භටයකු ලෙසින් ප්‍රථම වතාවට හමුදා නිල ඇඳුමින් සැරසුණු බව ෆීල්ඩ් මාෂල් ඊජිප්තු ජනතාව හමුවේ පැවසීය.
‘මේ ගෞරවාන්විත නිලයට තරඟ කරන ලෙස ඊජිප්තු ජාතිකයන් බහුතරයකගේ බල කිරීමට’ මෙය පිළිතුරක් බව ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ දිනය ඉරිදා සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia