gossiplankanews- “ලංකාවට විරුද්ධ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වෙන බව මට “ෂුවර්” – ඩේවිඩ් කැමරන්
මේ හේතුවෙන් අදාළ සිදුවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරිමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් අදාළ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ දි බහුතර ඡන්දයෙන් සම්මත වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බව ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කර ඇත.
යුරෝපා සංගමයේ පූර්ණ සහයෝගය ද ඊට ලැබෙනු ඇති බව පවසන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් රැසක් සමඟ තමන් ද මෙම යෝජනාවට සහය ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවයි.
ශ්‍රි ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ සිදුවු සිදුවිම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරිම, රට තුළ සාමය සහ සංහිදියාව ඇති කිරිමට උපකාරි වනු ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment