gossiplankanews - ඒඩ්ස් රෝගය වැලඳීම නිසා මියගියා යැයි සැක කරන කතගේ දේහය භාරගැනීමට කිසිවෙක් නෑ

aidslogoඒඩ්ස් රෝගය වැලඳීම නිසා මියගියා යැයි සැක කරන කාන්තාවකගේ මළ සිරුර භාර ගැනීමට ඇගේ සැමියා හෝ වෙනත් කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිසා පසුගිය 15දා සිට එම මළ සිරුර නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත. මුතූර්, කෙලිවෙඩ්ඩි ප්‍රදේශයේ භාතිය පුරම්හි පදිංචි 43 හැවිරිදි ඇය රෝහල්ගත කර ඇත්තේ ඇගේ සැමියා විසිනි.

නුවරඑළිය ප්‍රදේශයට ඔවුන් දෙදෙනා පැමිණ සිටියදී පසුගිය 11දා ඇතිවූ ශ්වසන ආබාධයක් නිසා ඇය රෝහල් ගත කර තිබිණි. මියගිය කාන්තාව විදේශ රැකියාවක නිරතව සිට රෝහල් ගත කිරීමට දින දෙකකට පෙර මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ඇත.
මළ සිරුර භාරගන්නා ලෙස නුවරඑළිය පොලිසිය මුතූර් පොලිසිය වෙත කරන ලද දැනුම් දීමකට අනුව අදාළ ලිපිනය සොයා පරීක්ෂා කිරීමේදී එම නිවෙස දින ගණනාවක් තිස්සේ වසා දමා ඇති බවට වාර්තා වී තිබේ.
මේ පිළිබඳ නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවැසුවේ එම කාන්තාව මියගොස් ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් නිසා දැයි නිශ්චිත වශයෙන්ම තහවුරු කරගත් වාර්තාවක් තවම තමාට ලැබී නැති බවයි. පොලිසිය මගින් සිරුර භාරදීමට දරන උත්සාහය අසාර්ථක වුවහොත් රජයේ වියදමින් එය භූමිදානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.
හාවාඑළිය  චන්ද්‍රසිරි මහගම

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’