gossiplankanews- යානය සොයන යානාවලට කාලගුණය හරස් වෙයි

යානය සොයන යානාවලට කාලගුණය හරස් වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා
ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා
අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා තිබේ.
මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බවයි බලධාරියෙකු පවසා සිටියේ.
සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව
ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට


උත්සාහ කරන බවයි ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ.
ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුන් බුන් තොගය පවතින ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.
මේ අතරතුර අයහපත් කාලගුණය හරස් වීම නිසා අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෝදිසි මෙහෙයුම් අත්හිටුවා තිබේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති