gossiplankanews- ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට තෑග්ගක්
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට තෑග්ගක්
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 28 සිකුරාදා - 08:53 GMT
ඉන්දු-ශ්‍රී ලංකා ධීවරයන්ගේ නිදහස පිළිබඳව සාකච්ඡාවක්
සිය මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් විනැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ධීවරයන් කණ්ඩායමක් ඉන්දියාව විසින් අනුගමනය කරන ලද ඉහත කී පියවර වෙනුවෙන් මුදා හරිනු ලබන බවයි, ඊට තුති පළ කරමින් නිකුත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිවේදනයක් මගින් පැවසෙන්නේ
ඉන්දියාව එම ඡන්දයට සහභාගී නොවූ අතර පකිස්තානය ඡන්දය පාවිච්චි කළේ යෝජනාවට එරෙහිවයි.ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු කොට ඇතැයි චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
පසුගිය වසරේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේ ඉන්දියාව එම යෝජනාවට පක්ෂවයි ඡන්දය දුන්නේ.
ඉන්දියාව මෙවර එවැනි පියවරක් නොගනිමින් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීන්දු කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අගය කරනු ලැබ ඇත.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment