gossiplankanews- ජිනීවා යෝජනා වලට මුස්ලිම් විරෝධය

ජිනීවා යෝජනා වලට මුස්ලිම් විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 27
ශ්‍රී ලාංකික සුළු ජාතීන්ට ප්‍රශ්න තිබුනත් ඒවා රට අභ්‍යන්තර මට්ටමින් විසඳා ගැනීමට හැකි බව පවසමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා ‘තව්හීඩ් ජමාත්’ මුස්ලිම් සංවිධානය විසිනුයි, එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ.

මුස්ලිම් ජනතා පණිවුඩයකොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වුන විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට ආසන්න මුස්ලිම් ජාතිකයන් එක්ව සිටි අතර ඔවුහු ඇමෙරිකාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් දුම්රිය පොළ අසල පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදුනහ.
විරෝධතා ව්‍යාපාරයට එක වූ ජනතාව ඉන් අනතුරුව පා ගමනින් කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලයට දෙසට ගමන් ගත්හ.
ඒ අතරවාරයේ සංදේශයට අදහස් දැක් වූ ශ්‍රී ලංකා ‘තව්හීඩ් ජමාත්’ මුස්ලිම් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික් කියා සිටියේ, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර රටවලට කිසිදු සුදුසුකමක් නොමැති බවයි.
" අපේ රටේ නිදහසට ,සංවර්ධනය බාධා පැමිණ වීමට උත්සාහ කරන විදේශ ආක්‍රමණ අපි අනුමත කරන්නේ නැහැ, අවසාන යුධ මෙහෙයුම කොටි සංවිධානයේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුමක් මිස දෙමළ ජනතාවට විරුද්ධ මෙහෙයුමක් නොවෙයි. මුස්ලිම් වරුන් හැටියට එම පණිවිඩය ලෝකයට දැනුම් දීම අපේ බලාපොරොත්තුවයි" මහලේකම් අබ්දුල් රසික් ප්‍රකාශ කළේය.
"ඒවා අපේ අභ්‍යන්තර ප්‍රශ්න! අපි ඒවා රජයත් සමග කතා කරල විසඳා ගන්නවා මිසක් විදේශ බලවේග ඒවාට ඇඟිලි ගැසීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ, අපේ ප්‍රශ්න අපට කතා කරල විසඳා ගන්න පුළුවන්"
තව්හීඩ් ජමත් මුස්ලිම් සංවිධානය
ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ සුලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කර ඇති අවස්ථාවක, පසුගිය කාලයේ ලාංකික මුස්ලිම් වරුන්ට විවිධ හිරිහැර සිදු වන බවට හඬක් නැගූ ශ්‍රී ලංකා ‘තව්හිඩ් ජමාත්’ සංවිධානය, දැන් ඊට විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි සංදේශය ශ්‍රී ලංකා තව්හීඩ් ජමත් මුස්ලිම් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික්ගෙන් ප්‍රශ්න කළ විට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.
" ඒවා අපේ අභ්‍යන්තර ප්‍රශ්න! අපි ඒවා රජයත් සමග කතා කරල විසඳා ගන්නවා මිසක් විදේශ බලවේග ඒවාට ඇඟිලි ගැසීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ, අපේ ප්‍රශ්න අපට කතා කරල විසඳා ගන්න පුළුවන්.”

ඇමෙරිකාවේ මානව හිමිකම්

ඇමරිකා එක්සත් ජනපදය පසුගිය අවධියේ විවධ රටවල් ආක්‍රමණය කරමින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට දඩුවම් දුන්නොත් ඇමරිකාව යනුවෙන් රටක් ලෝකයේ තිබිය නොහැකි බවයි, විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි තව්සිෆ් අහමඩ් සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ.
විරෝධතා පා ගමන ගාලු මුවදොරට ලඟා වීමත් සමඟ පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට පිවිසීම වලක්වා ලීමට පියවර ගත්හ.
තව්හිඩ් ජමාත් සංවිධානයේ නියෝජිතයෝ ජිනීවා යෝජනාවට තම විරෝධය පළ කෙරෙන සන්දේශයක් ඇමෙරිකානු තානාපති කාර්යාලයට බාරදුන්හ.
මේ අතර ජාතික හෙළ උරුමය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, කාල රාමුවකට යටත් නොවී දේශීය පරීක්ෂණයකට යොමු වන ලෙස තමන් රජයට යෝජනා කරන බවයි.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක අදහස් දක්වමින්, යුද්ධයේ මුල මැද සහ අග යන සියල්ල ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි කියා සිටියේය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia