gossiplankanews- විශේෂඥ වෛද්‍ය යුවලගේ වෛද්‍ය සිසු දියණිය කෝච්චියට පනී

trainsශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවියක අද (28 වැනිදා) දහවල් 1.10 ට පමණ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාර අසල දුම්රිය මාර්ගයේදී මාතර සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියකට පැන දිවි නසා ගෙන ඇත.
මෙසේ දිවි නසාගෙන ඇත්තේ පිටකෝට්‌ටේ එපිටමුල්ල පාර පදිංචිව සිටි කාවින්දි යශෝධා ජයවර්ධන නමැති 22 හැවිරිදි සිසුවියකි.
ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2 වැනි වසරේ සිසුවියක බව හෙළි වී ඇත. මෙම සිසුවියගේ දෙමාපියන් කොළඹ හා ළමා රෝහල්හි සේවය කරන විශේෂඥ වෛද්‍යවරු වෙති.

ප්‍රේම සම්බන්ධයක්‌ බිඳ වැටීම නිසා ඇය දිවි නසා ගන්නට ඇතැයි සැක කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි. ඇයගේ ජංගම දුරකථනයට අවසන් වරට ලැබී ඇති දුරකථන අංක ඔස්‌සේ විමර්ශන කරගෙන යන බව ද පොලිසිය කියයි.
වැල්ලවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් බණ්‌ඩා මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. සමන් ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
මරණ පරීක්‍ෂණය කළුබෝවිල රෝහලේ දී පැවැත්විණි

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති