gossiplankanews- “මැලේසියානු අගමැති බොරු කාරයෙක්… යානය මුහුදට කඩා වැටුනේ නෑ” – ගෝඩන් ඩෆ්

malayanawaහඳුනානොගත් සුන්බුන් තොගයක් දකුණු ඉන්දීය සාගරයේ ඇතැයි හෙළිවීම සමග පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය  මුහුදට කඩා වැටී ඇතැයි මාධ්‍ය විසින් සිදුකරන ප‍්‍රකාශය අසත්‍යයක් බව දේශපාලන විචාරක ගෝඩන් ඩෆ් පවසයි.
ඔහු පවසා ඇත්තේ බෝයිං 777/200 වර්ගයේ මෙම යානය කිසිදු අනතුරු හැඟවීමක් රහිතව කඩා වැටීම විය නොහැක්කක් බවයි. මේ වර්ගයේ යානාවල එක් පාලන පද්ධතියක් අකර්මණ්‍ය වුවහොත් අමතර පද්ධති දෙකක් ඇති බව ගුවන් නියමුවෙකු විසින් හෙළිකර තිබේ.

ඩෆ් පවසා ඇත්තේ යානය අතුරුදන් වී ඇති බවත් දකුණු චීන මුහුදට කඩා වැටී ඇති බවත් පැවසෙන විටමත් උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂණ විධානය විසින් යානය නිරීක්ෂණය කරමින් තිබූ බවයි.
බෝයිං 777 වාණිජ මගී ප‍්‍රවාහන යානා පැහැරගැනීමෙන් ආරක්ෂා කරන ක‍්‍රමවේදයක් ලෙස අවශ්‍ය විටකදී රජයේ එ්ජන්තයින්ට චන්ද්‍රිකා හෝ ගුවන් විදුලි තරංග භාවිතා කරමින් යානය තම පාලනයට ගත හැකි උපකරණයක් 2006 සිට ක‍්‍රියාත්මකවන බවද හෙළිව තිබේ.  රේතියොන් සමාගමද මේ බව තහවුරු කර ඇතැයි පැවසේ.
මේ අතර බෝයිං යානා වලට යොදන ගුවන් යානා එන්ජිම බි‍්‍රතාන්‍යයේ රෝල්ස් රොයිස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර ඔවුන් මැලේසියානු යානය දිගින් දිගටම නිරීක්ෂණ කළ බවද පැවසේ.
ගෝඩන් ඩෆ් පවසන්නේ සියලූදෙනාගේ නිරීක්ෂණය යටතේ මගී පිරිස මියයාමෙන් පසුව යානයේ ඉරණම තීරණය වන්නට ඇති බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia