gossiplankanews - බදියුදීන්ගේ අභියෝගයට මුහුණදීමට බොදු බලසේනාව සුදානම්
බදියුදීන්ගේ අභියෝගයට මුහුණදීමට බොදු බලසේනාව සුදානම්
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොබඅත්තේ ඥානසාර හිමිගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් එන්තරවාසියක් යොමු කර ඇති බවයි.
අමාත්‍යවරයා විසින් විල්පත්තු අභය භූමියේ ඉඩම් අත්පත් කරගෙන එම ප්‍රදේශයේ මුස්ලිම් කලාපයක් ඇති කිරීමට කටයුතු කරන බවට පුජ්‍ය ගලගොබඅත්තේ ඥානසාර හිමි පසුගියදා ප්‍රකාශයක් සිදුකළ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා එය ප්‍රතික්ෂේප කළේය.
තමාට අපහාස කිරීම හේතුවෙන් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව අමාත්‍යවරයා ඊයේ(25) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බොදුබල සේනා සංවිධානය පවසන්නේ තම සංවිධානය යුක්තිධර්මයට ගරු කරන සංවිධානයක් බවයි.
කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයකට තම සංවිධානය බිය නොවන බව පවසන බොදුබල සේනා සංවිධානය පෙන්වා දෙන්නේ දුෂිතයින්ගේ ක්‍රියාකලාප හෙළි කිරීමට මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ග අවස්ථාවක් වනු ඇති බවයි.
Comments
Post a Comment