gossiplankanews- “අපි දෙවෙනි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි” – හකීම්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් දෙවැනි මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයක් හිමි තම පක්ෂය පමණක් කොන්කිරීමට කටයුතු කරන්නේ අන්තවාදීන්ගේ උපදෙස් පිළිගෙන බවත්, පවසන අමාත්‍යවරයා, රජයේ වැරැද්දක් දුටුතැන එය විවේචනය කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.
‘අපි මේ ආන්ඩුව කරන සමහර දේවල් පිළිබදව කනගාටු වෙනවා නොවෙයි.රජය දැඩිලෙස විවේචනය කරන්නත් පසුබට වෙන්නේනෑ. මේ රජය තුළ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩිම ආසන ප‍්‍රමාණයක් තියෙන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටයි. නමුත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කළේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කඩ කරලයි. ඒ තේරීම්කාරක සභාවේ මුස්ලිම් කොංග‍්‍රසයට අසුනක් නැහැ.මට විතරක් නොවේ අහිංසක තිස්ස විතාරණ මැතිතුමාටත් නැහැ. එතුමා සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ සභාපතිවරයාය. එතුමාට පවා අසුනක් නැත්තේ මේකේ අන්තවාදී පිලක් සිටින නිසයි.ඒ අයට ඕන විදිහට හැදුණු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව කවුරුත් පිළිගනීද?’ යැයිද ඔහු පවසා සිටියේය.
Comments
Post a Comment