කොරියානු මගී පාරුවක් සමඟ තුන්සීයක් අතුරුදහන්

නිවාඩු නිකේතන පිහිටි ‘යෙජු’(Jeju) දුපතේ සිට යාත්‍රා කරමින් තිබුණ මගී ප්‍රවාහක නෞකාවක් පෙරළී දියබත් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි තුන්සීයකට අධික මගීන්ට සිදු වූ දෙයක් දැන ගන්නට නැතැයි දකුණු කොරියාවේ වෙරළාරක්ෂක අංශ පවසති.
අනතුරට ගොදුරු වූ ජනයාගෙන් වැඩි දෙනා පාසල් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටි ළමුන් බවත් වාර්තා වෙයි.
රාත්‍රි අඳුර පැතිර යාමත් සමඟ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය දැඩි වෙන්නට පටන් ගත් අතර, ඔවුන් නැව තුළ සිර වී ඇතැයි සැක පළ වෙමින් තිබුණි.
බේරා ගැනීමේ මෙහෙයුමට පනහකට අධික යාත්‍රා එක් කරනු ලැබ ඇති අතර, කිමිදුම් කරුවන්ද යොදවා ඇති බවයි දකුණු කොරියානු වාර්තා මගින් පැවසෙන්නේ.
මේ අතර ඇමෙරිකානු යුද නැවක් ද අනතුර සිදු ව ඇති කලාපයට යවා ඇත.

යාත්‍රා කළේ මීදුම මැද

බේරා ගැනීමේ මෙහෙයුමේදී අද සවස් කාලය වන විට එකසිය පනහකට ජීවිත ගලවා ගෙන තිබුණ අතර මරණ දෙකක් ද වාර්තා කෙරුණි.
මීදුම සහිත අහිතකර කාලගුණයක් පවතිද්දී මගී නැව යාත්‍රා කරන ලද්දේ කුමක් නිසාදැයි අනතුරට ගොදුරු වූ ලමුන් ගේ කෝපයට පත් දෙමව්පියන් ප්‍රශ්න කරන බවයි එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.
එහෙත් ඒ මොහොතේ අදාළ කලාපයෙහි දර්ශනය යහපත් තත්වයක වූ බවයි, දකුණු කොරියානු නිලධාරීන් පවසන්නේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia