gossiplanka 16 හැවිරිදි පිරිමි ළමයෙකු ගුවන් යානයක රෝද කුටියේ හැංගී හවායි ගිහින්

ගුවන්ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට හවායි දිවයින තෙක් ගුවන් යානයක රෝද කුටීරයේ සැඟවී පැය 5ක ගුවන් ගමනක නිරත වූ 16 හැවිරිදි පිරිමි ළමයෙකු නිරුපද්‍රිතව ගමනාන්තයට ළඟා වී තිබෙනවා. අඩි 39,000ක් පමණ ඉහළ අහසේ ගමන් ගනිද්දී ඔක්සිජන් හිඟවීමෙන් හෝ හිම මිදෙන ශීතලෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවී නැහැ. නිවසින් පළා යමින් සිටි මෙම ළමයා සන්තකව තිබී ඇත්තේ ඔහුගේ පනාව පමණයි.
කෙසේ නමුත් ඇමරිකානු එෆ්.බී.අයි. පරීක්ෂණ සේවාව මෙම ළමයාගෙන් ප‍්‍රශ්න කර ඇති බව සඳහන්. 1947 සිට 2012 වසර දක්වා පුද්ගලයන් 96 දෙනෙකු ගුවන් යානා 85ක රෝද කුටීරවල සැඟවී ගමන් ගැනීමට උත්සාහ කර ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ 23 දෙනෙකු පමණයි.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති