gossiplanka තවත් මැලේසියානු ගුවන් යානයක් නග්ගද්දී රෝද කොටස් ගැලවිලා
ක්වාලාලම්පූර් සිට ඉන්දියාවේ බැංගලෝරය බලා ගමන් කරමින් තිබූ මෙම යානය මැලේසියානු වේලාවෙන් අලුයම 1.56ට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති බව පැවසෙයි.
මෙම සිදුවීම වාර්තාවීමත් සමග එම ගුවන්තොටුපොළ කරා යමින් සිටි මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුනේ, “ඔවුන් නිරුපද්‍රිතව යානය ගොඩ බස්වා තිබෙනවා. දෙවියන්ට ස්තූති වේවා” යනුවෙනි.
මැලේසියානු ගුවන් සේවය වැඩිදුරටත් පෙන්වාදී තිබුනේ MH192 දරණ බෝයිං 737-800 යානයේ එම අවස්ථාවේ පුද්ගලයන් 166 දෙනෙකු ගමන් කර ඇති බවත් ඒ අතර මගින් 159ක් සහ කාර්ය මණ්ඩලයේ 7ක් සිටි බවත්ය. එමෙන්ම, ගුවන්ගත වීමේදී එහි ගොඩ බැස්වීමේ උපකණවල (රෝදවල) කාර්මික දෝෂයක් හට ගෙන ඇති බවද ඔවුන් තහවුරු කර ඇත.
මේ අතර, ප්‍රංශ පුවත්සේවය පෙන්වා දෙන්නේ ගුවන් යානයේ ටයර් කොටස් ගුවන් පථයේ දැකගැනීමට ලැබුණු නිසා යානය නැවත ආපසු හරවා පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවය.
එමෙන්ම, මෙම යානය ගොඩබැස්වීමට පෙර ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළ අවට කැරකෙමින් තිබී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් යානය ගොඩබැස්වීමේදී යම් හදිසි අවස්ථාවක් උදාවූයේ නම් ඊට මුහුණදීම සඳහා ගිනිනිවන ඒකකද ගුවන් තොටුපොළ ආශ්‍රිතව සූදානමින් සිට ඇති බව කියැවෙයි.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියානු ගුවන් සේවයටම අයත් MH370 යානය අතුරුදන්ව මේ වනවිට මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇති වාතාවරණයක මෙම සිදුවීමද වාර්තා වෙයි.
Comments
Post a Comment