gossiplanka කිසිම හෝඩුවාවක් නැති මැලේසියානු යානයේ මගීන්ට මරණ සහතික

pora2අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැලේසියානු රජය විසින් එම මරණ සහතික නිකුත් කිරීමට නියමිත බව ය. කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.


ඔවුන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට හේතුව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට මූල්‍යමය වන්දි ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ය. ඊට අමතරව, මැලේසියානු ගුවන් සමාගමට එරෙහිව නීතිමය කටයුතුවලට ‍යොමු වීම සඳහා ද මරණ සහතික අවශ්‍ය වී තිබේ.
පසුගිය මාර්තු 8 වන දා අතුරුදන් වූ මෙම යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් ගණන 239කි.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති