gossiplanka - අලුයට තවම බුර බුරා නැගෙන යාපනේ ගිනිදැල්

ltteeuයාපනේ ප්‍රදේශයේදී අමුතු ආකාරයේ පෝස්‌ටර වගයක්‌ අලවමින් සිටි තරුණයින් දෙදෙනෙක්‌ යාපනයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ හා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගත්තේය. මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ පසුගිය ….. වැනිදාය. අත්අඩංගුවට පත්වන තරුණයන් දෙදෙනාගෙන් කෙනෙක්‌ වේත්‍රකාන්ත්ය. අනෙකා මනෝහරන් නවසුදාස්‌ය. දෙදෙනාම යාපනේ මනිපායි ප්‍රදේශයේ පරිගණක පුහුණු පාඨමාලාවට සම්බන්ධ විසි දෙහැවිරිදි තරුණයන්ය.
මොවුන් විසින් ඇලවු පෝස්‌ටරවල තිබුණේ තැතිගන්වන කතාවකි. දේශප්‍රේමී දෙමළ ජනතාව සිය අයිතීන් ලබා ගැනීමට සටන් කළ යුතු බවත්, රජයේ හමුදා දෙමළ ජන කොටස්‌වලට බරපතල හිරිහැර කරන බවත්, හමුදා ක`දවුරු උතුරින් ඉවත් නොකර රජය උත්සාහ කරන්නේ නැවත යුද්ධයක්‌ ඇතිකරන්නට බවත්, ජනතාවගේ අයිතීන් ලබා ගැනීමට සටන් කිරීමට අත්වැල් බැ`දගෙන ඒ සටන ජාත්‍යන්තරය දක්‌වා ගෙන යැමට දෙමළ ජනතාව එක්‌විය යුතු බවත් ඒ පෝස්‌ටරවල කියා තිබිණි. කොටින්ම එහි වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි බලගැන්විය යුතු බව කියෑවෙන කතාවකි.


මේ පිළිබ`දව ආරක්‌ෂක අංශ වල විශේෂ අවධානය යොමුවිණි. පොලිසිය තමන් විසින් අත්අඩංගුවට ගත් වේත්‍රකාන්ත් හා මනෝහරන් නවසුදාස්‌ගේන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. මේ තරුණයන් මීට පෙර කිසිම කලෙක එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී සිටි අය නොවීය. ඔවුන් පරිගණක විද්‍යාව පිළිබ`ද මනා දැනුමක්‌ ඇත්තෝ වූහ. ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ මනිපායි ප්‍රදේශයේ පරිගණක පුහුණු මධ්‍යස්‌ථානයකදී මේ පෝස්‌ටර මුද්‍රණය කළ බවය. ඒ අනුව යාපනය මනිපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික පරිගණක මධ්‍යස්‌ථානයක්‌ වටලා එහි තිබු පරිගණක තමන් භාරයට ගන්නට පොලිසිය කටයුතු කළේය. අනතුරුව පරිගණක මධ්‍යස්‌ථානයට සීල් තැබුවේය. වැඩිදුර පරීක්‌ෂණ ස`දහා පරිගණක සහ සැකකරුවන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයට භාරගත්තේය.
එහිදී හෙළිවන තොරතුරු බිය උපදවනසුළුය.
යාපනය මනිපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මේ පරිගණක පුහුණු පාසලේ හිමිකරුවා සුදර්ශන් නමැත්තෙක්‌ විය. තිස්‌ හැවිරිදි වූ මේ තැනැත්තා පාදයක්‌ අහිමි ආබාධිතයෙක්‌ වූයේය. සුදර්ශන්ගේ මෙම පරිගණක මධ්‍යස්‌ථානයෙන් අධ්‍යාපනය ලැබීමට දෙමළ දරු දරුදැරියෝ විශාල ප්‍රමාණයක්‌ පැමිණියහ. ඉන් හෙතෙම සැලකිය යුතු ආදායමක්‌ද උපදවා ගත්තේය.
මෙම පරිගණක මධ්‍යස්‌ථානය හිමි පුද්ගලයා ගැන පොලිසිය තොරතුරු සොයන්නට වූයේය. සියලු තොරතුරු හෙළිවන්නේ එතැන් සිටය. මොහුගේ නම රාජරත්නම් සුදර්ශන්ය. කෝපායි ක්‍රීඩාංගන පාරේ ජීවත් වෙමින් පරිගණක ගුරුවරයෙක්‌ ලෙස පෙනී සිටි සුදර්ශන් කලෙක එල්.ටී.ටී.ඊ යේ ප්‍රබල සාමාජිකයෙක්‌ වූයේය. අවසන් සටනින් පසු හමුදාවට භාර නොවී සැ`ගවී සිටි හෙතෙම එකල එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හ`ඳුන්වනු ලැබුවේ සීලන්බරසන් ලෙසය.
තිස්‌ හැවිරිදි සුදර්ශන් සිය ජීවිත කාලයෙන් අඩක්‌ ගෙවා දමා තිබුණේ එල්.ටී.ටී.ඊ ය සමගිනි. හෙළිකරව් වන තොරතුරු වලට අනුව හෙතෙම මුලින්ම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව වන්නේ 1999 වර්ෂයේදීය. ඒ වනවිට ඔහු 15 හැවිරිදිය. මුලින්ම සුදර්ශන්ව කොටි සංවිධානය විසින් පැහැරගෙන එන්නේ බලහත්කාරයෙනි. එහෙත් පසුකාලයකදී ඔහු එල්.ටී.ටී.ඊ යේ පූර්ණකාලීන කාඩරයෙක්‌ වූයේය.
ලැබෙන තොරතුරු කියන්නේ සුදර්ශන් ගරිල්ලා සටන් පුහුණුව ලද සටන්කරුවෙක්‌ බවය. හේ සටන් පුහුණුව ලබා ඇත්තේ මුලතිව් වලදීය. එතැන් සිට හමුදාව සමග පැවති සටන් ගණනාවකට හෙතෙම සහභාගී වුණේaය. වර්ෂ 2004 වනවිට සුදර්ශන් සිටියේ මන්නාරම ප්‍රදේශයේ කොටි ක`දවුරකය. එම ක`දවුරට ආරක්‌ෂක හමුදා විසින් බරපතල ප්‍රහාරයක්‌ එල්ල කළේය. ඒ අවස්‌ථාවේ ඉදිරි ආරක්‌ෂක වළල්ලේ සිටි සුදර්ශන් එල්.ටී.ටී.ඊ. ය විසින්ම වැළලූ බිම් බෝම්බයකට හසුවුණේaය. මේ අනතුරත් සමග ඔහුගේ වම් පාදය ඉවත් කෙරිණි.
මේ ආබාධිත තත්ත්වය නිසා හෙතෙම සටන් පෙරමුණින් ඉවත් කරනු ලැබීය. එතැන් පටන් හෙතෙම එල්. ටී. ටී. ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ වූයේය. 2009 වසරේ අවසන් මහා සටනින් අනතුරුව හමුදාවට භාර නොවූ සුදර්ශන් නැවත සිය ගම් බලා පැනගත්තේය. පැමිණි දා සිට පරිගණක පාඨමාලාවක්‌ හැදෑරූ සුදර්ශන් ටික දිනකින් එහි නිපුණයෙක්‌ වූයේය. ඔහු යාපනය මනිපායි පෙදෙසේ පරිගණක පාසලක්‌ ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. මනෝහරන් නවසුදාන්, වේත්‍රකාන්තන් වැනි තරුණයන් ඔහුගේ දේශපාලන දැලෙහි පැටලෙන්නේ මේ ගුරුවර භූමිකාවත් සමගය.
මේ සිදුවීම එක්‌තරා හුදකලා සිදුවීමක්‌ ලෙස භාරගන්නට මේ හෙළිවන තොරතුරුත් සමග රජය සූදානම් නැත. තවමත් එල්.ටී.ටී.ඊ යේ ප්‍රබල කාඩරයන් ගණනාවක්‌ නිදැල්ලේ වෙසෙති. හ`දුනා නොගත් ඔවුන් ස්‌වකීය අරමුණු මුදුන්පත් කරගැනීමටත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පිහිටුවා ගැනීමටත් රහසින් සංවිධානය වෙමින් සිටිති. කරළියට බැසීමට අවස්‌ථාව සොයමින් සිටිති. මේ පිළිබ`ද ප්‍රශ්න කළයුතු තොරතුරු මේ සිද්ධිය හරහාම එළිදැක තිබේ.
අත්අඩංගුවට පත්වූ මනෝහරදාස්‌ නවසුදාස්‌ යාපනයේ පදිංචිකරුවෙකි. මේ මිනිසුන් අන්ත දුප්පත්ය. ඔහුගේ පියා කරන්නේ කුලී වැඩය. වැඩිමල් සොයුරාත් කරන්නේ කුලී වැඩය. වැඩිමල් දියණිය කුලීරථ රියදුරෙක්‌ හා විවාහ වී සිටින්නීය. එවැනි පසුබිමක ජීවත්වන නවසුදාස්‌a පරිගණක විද්‍යාව පිළිබ`ද සිංගප්පූරු සරසවියක වසර එකහමාරක්‌ පුරා විශේෂ පරිගණක පාඨමාලාවක්‌ හදාරන්නේය. එය ස`දහා වියදම් වන මූලික අවම වියදම රුපියල් ලක්‌ෂ 15 ක්‌ ඉක්‌ම යන්නේය. මේ මුදල ඔහුට ලැබෙනා ආකාරය පිළිබ`ද තර්කානුකූල ඉදිරිපත් කිරීමක්‌ නැත. රජයේ බුද්ධි අංශ සැක කරන්නේ මේ මුදල ඔහුට ලබාදෙන්නේ එල්.ටී.ටීයට හිතැති දෙමළ ඩයස්‌පෝරාව විසින් බවය.
මේ වනවිට සිද්ධිය පිළිබ`ද පරීක්‌ෂණ පැවැත්වෙමින් තිබේ. අලුයට තවම බුර බුරා නැගෙන ගිනිදැල් තිබේ. ඒ ගිනි පෙනෙන්නේ නැත. ඉ`දහිට පැන නගින මෙවැනි පුංචි ගිනිපුපුරු ඒ සැ`ගවුණ ගින්නේ තරම කියන්නේය. අප මේ කලාමැදිරි එළියටත් බිය වන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කෑ නිසාය.
හේමන්ත රන්දුණු

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia