gossiplanka “හම්බන්තොට සිද්ධිය මෙහෙය වුයේ රටේ පාලකයා” – ෆොන්සේකා

fonsekaqමෙරටේ මුදාවානොගත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අප්‍රසන්න සිදුවීම් වලට මුහුණදීමට සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
එසේම ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පවා ප්‍රහාර එල්ල කිරීමට හැකි තත්ත්වයක් තිබේනම් එය ගුවන් තොටුපොළක් නොවන බවත්, එය කුඩු, මරුජුවානා, නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන, කුමක් හෝ ගුබ්බෑයමක් බවත් අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
තවද හම්බන්තොට වරායක් කියා දෙයක් ඇති බවත්, එයද කුමක් හෝ හොර බඩු ජාවාරමක් සිදු කරන ස්ථානයක්ද විය හැකි බවත්, සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.
පසුගිය දින එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමට සිදුවූ සිදුවීම තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් තමන් පුදුම නොවූ බවත්, හෙතෙම කීවේය.
එසේම පසුගිය පළාත් සභාවට පෙර තමන් ඇතුළු පිරිස එම මුදානොගත් ප්‍රදේශයට ගොස් සිටියදී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම මුහුණදුන් අප්‍රසන්න සිදුවීම මෙන් සිදුවීම් මාලාවකට මුහුණදීමට තමන් ඇතුළු පිරිසට සිදුවු බවත්, එම මැතිවරණ කාලයේදී තමන් ඇතුළු පිරිසට මැතිවරණ රැස්වීම් පවා පැවැත්වීම‍ට ඉඩ ප්‍රස්තාව නොතිබූ බවත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
හම්බන්තොට යනු රටේ මුදානොගත් ප්‍රදේශයක් බවත්, එම ප්‍රදේශය තුළ රටේ පාලනය නොමැති බවත්, පොලිස් නිලධාරීන් බලා සිටියදී ඔවුන් අසළින් මැරයෝ ගිනි අවි සමඟ සිටින බවද ඒ මහතා එහිදී අවධාරණය ක‍ළේය.


රාජපක්ෂ පාලනය විසින් පාතාලය, මැරයෝ මෙන්ම ඔවුන්ගේ හෙන්චයියෝ සහ දාමරිකයෝ රජ කරන ගුබ්බෑයම් දෙකක් වන වරායක් සහ ගුවන් තොටුපොළක් ලෙස ස්ථාපිත කර ඇති බවත්, එම ස්ථාන සඳහා නීතිගරුක මෙන්ම සාදාචාර සම්පන්නව ජීවත් වන පුද්ගලයින්ට යෑමට අවසර නොමැති බවත්, ඒ මහතා කියා සිටියේය.
හම්බන්තොට සිද්ධිය මෙහෙය වුයේ මේ රටේ පාලකයා මෙන්ම එම පාලකයාගේ වැඩිමහල් පුතු බවත්, ඔවුන් මැර දේශපාලන සංකෘතියේ ජීවත් වන පුද්ගයින් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එසේම මෙම පිය පුතු දෙපළ විසින් හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇති බවත්, මෙම සිද්ධිය ඔවුගේ අවශ්‍යතාවය මත සම්පූර්ණයෙන් සිදු වූ දෙයක් බවත් හෙතෙම වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia