gossiplankanews- “LOVE” කරාට කමක් නෑ.. ෆේස්බුක් පාස්වර්ඩ් දෙන්න එපා” – පොලිස්‌ අධිකාරිනී

facebook-thiefඅන්තර්ජාලය හරහා මුහුණු පොතේ කටයුතු කිරීමේදී තම රහස්‌ අංකය තවත් අයකු අතට පත් කිරීමෙන් වළකින්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිණී අමරසේන මහත්මිය පැවසුවාය.
රහස්‌ අංකය හුවමාරු කරගැනීම පෙම්වතුන් අතර බොහෝ විට සිදුවන බවට පෙනී ගොස්‌ ඇතැයි සඳහන් කළ ලංකා රාජිණී මහත්මිය, තම රහස්‌ අංකය සිය පෙම්වතුන්ට ලබාදීමෙන් අමාරුවේ වැටුණු පෙම්වතියන් ද වාර්තා වන බව සඳහන් කළාය.

එසේම පෙම්වතුන් දෙදෙනා අතර අමනාපයක්‌ ඇතිවුවහොත් එක්‌ අයකු අනෙකා අපකීර්තියට පත් කිරීමට රහස්‌ අංකය උපයෝගී කරගත හැකි බවත් ඇය සඳහන් කර සිටියාය.
“අනිත් එක අද බොහෝ බාල වයස්‌කාර දැරියන්, තරුණියන් මේ මුහුණු පොත (Faජැ ඉදදන) භාවිතා කිරීමේදී තමන්ගේ විස්‌තර ඔක්‌කොම දානවා. ඒ අය ඔවුන්ගේ ජංගම දුරකථන අංකය විතරක්‌ නොවෙයි ඉන්න තැනත් දානවා. මෙන්න මේ නිසා නිකරුණේ අමාරුවේ වැටෙනවා යෑයි ද ඇය කීවාය.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’