gossiplankanews- “ලංකාවට යනව නම් ගැහැණු උදවිය තනියම ගමන් යන්න එපා” – බ්‍රිතාන්‍යය ජාතිකයින්ට උපදෙස්

ukflagශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන බ්‍රිතාන්‍යය ජාතිකයින් සඳහා නව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
බ්‍රිතාන්‍ය විදේශීය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සංචාරයේ නිරත වීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස එරට වැසියන්ට උපදෙස් දී ඇත.
මෙරට සංචාරය කිරීම සඳහා පිළිගත් සංචාරක සමාගම්වල සහය ලබාගන්නා ලෙස විශේෂයෙන් කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන ලෙසත් බ්‍රිතාන්‍යය රජය උපදෙස් දී තිබේ.
සංචාරක කලාප ආශ්‍රිතව සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍රය, මුදල් සහ වටිනා දේවල් පිළිබඳ පූර්ව ආරක්ෂාවෙන් කටයුතු කරන ලෙසත් අදාළ උපදෙස්වලට ඇතුළත්ය.
මේ අතර බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරන් පස්දෙනෙකු මෙරට සංචාරයක් අවලංගු කර තිබේ.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ විරෝධතා හේතුවෙන් අදාළ මන්ත්‍රීවරුන් සිය සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

මුත්තයියා මුරලිදරන් මහතා යටතේ ක්‍රියාත්මක ආයතනයක අනුග්‍රහයෙන් අදාළ මන්ත්‍රී කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව තිබු අතර එම පිරිස ජනාධිපතිවරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුවීමට සැලසුම් කර තිබුණි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’