gossiplankanews- විශේෂ සහන නෑ, ඒත් බඩු මිල අඩුයි - ඇමති


සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල මිල පහත දැමීමක් නොකළ නමුත් වෙළඳපොලේ භාණ්ඩ මිල සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ බව සඳහන් කළේ, දරා ගත නොහැකි තරම් භාණ්ඩ මිල ඉහල යමින් තිබෙන බවට ජනතාව කරන ප්‍රකාශ පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

අමාත්‍යවරයා පවසන තත්වයට වඩා යතාර්ථය හාත්පසින්ම වෙනස් බවයි, රත්නපුරයේදී සංදේශයට හමු වූ පාරිභෝගිකයන් සහ සුළු ව්‍යාපාරිකයන් කියා සිටියේ.කෙසේ නමුත් සහල් මිලේ පමණක් කිසියම් වැඩිවීමක් තිබෙන බව පිළිගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසන්නේ එයට හේතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගොවියන්ට ලබා දෙන සහතික මිල ඉහල දැමීම බවයි.
සිය දියණිය සමග රෙදි මිලදී ගැනීමට කඩපොළට ගිය අවස්ථාවේ වෙනදාට වඩා මෙවර රෙදිපිළි මිළ ගණන් වැඩි බව වැටහුණු බැවින් අවුරුද්දෙන් පසුව රෙදි මිලදී ගැනීමට තීරණය කළ බවයි, පාසල් ගුරුවරියක වන එච්කේ මොරීන් පැවසුවේ.
එහෙත් වෙළඳපොලේ බොහෝ භාණ්ඩ මිල ඉතා පහල මට්ටමක පවතින බවයි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ.

සහල් මිලද වෙළෙන්දන් පවසන තරම් ඉහල ගොස් නැති බව පවසන අමාත්‍යවරයා, පාරිභෝගිකයා මෙන්ම ගොවියන් ආරක්ෂා කිරීමටද ආණ්ඩුව බැඳී සිටින බැවින් දෙපාර්ශවයටම අවාසියක් නොවන පරිදි සමබර ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාමට ආණ්ඩුවට සිදු වන බව සංදේශයට කියා සිටියේය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia