gossiplankanews- ශ්‍රී ලංකාව: ඝාතකයන් නිදැල්ලේ

ඇතැම් ඝාතනයන් පසුපස රජය සහ හමුදා නිලධාරීන් සිටින බවට සැක කරනු ලබයි
“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව "දඬුවමින් මිදී සිටීමේ" ලෝක දර්ශකයේ ඉහළ ස්ථානයකට පත්ව තිබේ.
එම වාර්තාවට අනුව මාධ්‍යවේදීන් ඝාතනය කලවුන්ට දඬුවම් ලබා නොදීම අතින් ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානය ගනී.

ඇෆ්ගනිස්තනයටත් ඉහළින්
ලෝකයේ සියලු රටවල සිදුවන මාධ්‍යවේදී ඝාතනයන් “මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් පරීක්ෂාවට ලක් කරන අතර 2013 සිට 2014 දක්වාවූ වසරක කාලයට අදාළ දත්ත මෙම නවතම වාර්තාවට පාදක වී ඇත.

ඒ අනුව, මේ වසරේ “දඬුවමින් මිදී සිටීමේ දර්ශකය” (Impunity Index) ගණනය කර ඇත්තේ මේ දක්වා විසඳුමකට පත්ව නැති මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාව අදාළ රටේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමෙනි.
දර්ශකයට අනුව එහි ඉහලින්ම සිටින්නේ ඉරාකයයි.
සෝමාලියාව හා පිලිපීනය පිළිවලින් දෙවන හා තුන්වන ස්ථානයේ සිටින අතර ඊළඟට සිටින්නේ ශ්‍රී ලංකාවයි.
ඇෆ්ගනිස්ථානය හයවැනි ස්ථානය ගන්නා අතර පකිස්ථානය නම වැනි ස්ථානයද ඉන්දියාව දහතුන් වැනි ස්ථානය ද ගෙන තිබේ.
යම් මාධ්‍යවේදී ඝාතනයක් සම්බන්ධයෙන් කිසිවෙක් දඬුවමකට යටත් කොට නැත්නම් එය “දඬුවමින් මිදී සිටීමේ දර්ශකය” සඳහා සලකා බැලෙන අතර එවැනි නොවිසඳුණු සිදුවීම් පහක් හෝ ඊට වැඩි ගණනක් ඇති රටවල් දර්ශකයට ඇතුළත් කෙරේ.

මාධ්‍යවේදීන් නව දෙනෙකු මරා දමලා

“ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී වසර පහක් ගතවී ඇතත්, පළමුව අගමැති වශයෙනුත් දෙවනුව ජනාධිපති වශයෙනුත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජයන් යටතේ මාධ්‍යවේදීන් නම දෙනෙකු ඝාතනයට ලක්වී ඇති අතර ඒ පිළිබඳව සාධාරණය ඉටු කිරීමට ඔහුගේ රජය කිසිදු උනන්දුවක් පෙන්වා නැත. ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ඇතැම් ඝාතනයන් පසුපස රජය සහ හමුදා නිලධාරීන් සිටින බවට සැක කරනු ලබයි”. යනුවෙන් වැඩිදුරටත් එහි සඳහන් වේ.

2009 සිට 2013 දක්වා අලුතෙන් ඝාතන සිද්ධීන් වාර්තා නොවුන ද සිදුව තිබූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වලට වගකිවයුත්තන් සොයා දඬුවම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය කිසිදු පියවරක් ගෙන නැති බවයි CPJ වාර්තාව මගින් හෙළි වන්නේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia